තායි අගමැතිනිය සිය ධූරයෙන් පහ කෙරේ

0

අධිකරණයෙන් ලැබුණු නියෝගයක් මත තායිලන්ත අගමැතිනි යින්ලූක් ශිනවත‍්‍රා එම තනතුරෙන් ඉවත් කර තායිලන්ත භාරකාර රජයේ නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස එරට වත්මන් වාණිජ කටයුතු අමාත්‍ය නිවට්ටුම්රොන් භූසොන් පයිසාන් පත්කර තිබේ.

සිය බලය අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් තායිලන්ත අගමැතිනි යින්ලක් ෂිනවත‍්‍රාට එරෙහිව නඩුවක් ගොනු කර තිබුණි.

එම නඩුව විභාගයට ගැනුණු අවස්ථාවේදී අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබෙන්නේ ඇය වරදකාරියක් ලෙස ඔප්පුවු බැවින්.එරට සෙනෙට් සභිකයන් පිරිසක් විසින් මෙම නඩුව ගොනු කර තිබේ.