අය වැය කතාව වර්ජනය කිරිමට විපක්ෂය සුදානමින්!

0

2014 සඳහා හෙට දින ඉදිරිපත් කිරීමට නියමිත අය වැය කතාව වර්ජනය කරන්න මේ වනවිට විපක්ෂයේ පක්ෂ සමග සාකච්ඡා කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. අද මාධ්‍ය හමුවක් කැඳවමින් එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි විජිත හේරත් මහතා පවසා සිටියේ මේ අය වැයෙන් ජනතාවට සුබවාදී දෙයක් ලබාදෙයි කියලා බලාපොරොත්තුවක් නැති බවයි.

මේ අය වැයත් කලින් ඒවා වගේම සීනිබෝල, ටොපි, චොකලට් අය වැයක් පමණක් වෙන එක සැකයක් නැති බවත් අය වැය පොරොන්දු ටිකක් පමණක් ඉදිරිපත් කරන බවයි ඔහු පවසා සිටියේ. කලින් අය වැයෙන් ලබාදුන් පොරොන්දු ඉටුකරන්න තිබෙනවා. මුදල් ඇමති පැය එකහමාරක් දෙකක් කතාවක් කරයි. මේ බේගල් අහගෙන ඉන්න එකේ තේරුමක් නැති බව තම පක්‍ෂ හිතන බව ද ඔහු මෙහිදී පවසා සිටියා.

අය වැය කතාව වර්ජනය කරන්න මේ වනවිට විපක්ෂයේ පක්ෂ සමග සාකච්ඡා කරමින් ඉන්නවා. මේ වනවිට වෘත්තීය සමිති මගින් ඉල්ලීම් 21ක් ඉදිරිපත් කර තිබෙනවා. අය වැයෙන් ජනතාවගේ බලාපොරොත්තු ඉටුනොවුනොත් සටන් කි‍්‍රයාමාර්ගවලට යොමුවෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නා බවයි මන්ත‍්‍රිවරයා වැඩිදුරටත් පවසා සිටියේ.