ත්‍රස්තවාදී කණ්ඩායමක වෙඩි පහරින් නයිජීරියාවේ 300ක් මරුට

0

නයිජීරියාවේ මායිම් ගම්මානයක ජනාකීර්ණ ප්‍රදේශයකට කඩා වැදුණු බොකෝ හරාම් ඉස්ලාමීය ත්‍රස්තවාදීන් ඉවක් බවක් නැතිව එල්ල කළ වෙඩි තැබීම් වලින් 300ක් ජීවිතක්ෂයට පත්ව තිබේ . මෙයින් තුවාල ලැබු පිරිස 100 කි.

මෙම වෙඩි තැබීම ඊයේ සිදුවු අතර (8) උදෑසන නයිජීරියාවේ බටහිර අනුග්‍රහයෙන් පවත්වාගෙන යන පාසල් කිහිපයක දැරියන් 200 කට වැඩි පිරිසක් පැහැර ගෙන ඔවුන් ගස් ප්‍රාණ ඇපයේ රඳවාගෙන සිටින්නේත් ,ඔවුන් ගණිකා වෘත්තියේ යෙදවීම සඳහා විකුණන බවට තර්ජනය කර ඇත්තෙත් බෝකෝ හරාම් ඉස්ලාමීය අන්තවාදින්ය.

පිකප් වර්ගයේ ජීප් රථ කිහිපයකින් පැමිණ ත්‍රස්තවාදීන් ඒ.කේ 47 වර්ගයේ රයිෆල් වලින් වෙඩි තැබීම සිදු කළ බවත් කාන්තාවන් සහ කුඩා දරුවන් පවා ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීම කළ බවත් තුවාල ලැබුවෝ පවසයි.

වෙඩි තැබීම පැය 12ක් තිස්සේ සිදු වූ බවත් නයිජීරියානු පුවත් සේවය වාර්තා කරයි. බෝකෝ හරාම් ත්‍රස්තවාදීන් පැහැර ගත් පාසල් දරුවන් වහා බේරා ගැනීමට ජාත්‍යන්තරය මැදිහත් විය යුතුයැයි බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් මලාලා යුසොෆ්සායි පවසා තිබේ.

මලාලා පකිස්තාන දැරියක වන අතර පාකිස්තානයේ බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් කතා කිරීම නිසා ඇය තලේ බාන් සටන්කාමීන්ගේ ප්‍රහාරයට ලක් විය.එම ප්‍රහාරයෙන් දිවි බේරා ගත් ඇය බ්‍රිතාන්‍යයේ ජීවත් වේ. ඇය එක්සත් ජාතීන්ගේ බාලිකා අධ්‍යාපනය කටයුතු සම්බන්ධයෙන් විශේෂ නියෝජිතවරියක ද වනවා.

මේ අතර ඇමෙරිකාව , බ්‍රිතාන්‍යය ඇතුළු සෙසු බටහිට රටවල් පවසා ඇත්තේ පැහැරගත් එම පාසල් දැරියන් බේරා ගැනීමට නයිජීරියානු ජනපති ජොනතන් ගුඩ්ලක්ගේ රජයට සහාය දක්වන බවයි.