ඔබාමා නරේන්ද්‍ර මෝඩිට මනාපයිලු

0

භාරතීය ජනතා පක්ෂයේ අගමැති අපේක්ෂක , හින්දු ජාතිවාදියෙකුද වන නරේන්ද්‍ර මෝඩි අගමැති ධූරයට පත් වුවහොත් , ඔහු සමඟ ඉතා සමීපව කටයුතු කිරීමට තමන් කැමති බව ඇමරිකා ජනාධිපති බැරක් ඔබාමා අවධාරණය කර තිබේ.

මෝඩි සහ ඇමරිකාව අතර වසර ගණනාවක් නොහොඳ නොක්කාඩු පැවතිණි. ඒවා අවසන් වූයේ මෙම වසර මුලදීය .ඒ මෝඩි විපක්‍ෂ නායකයා ලෙස තරඟ කරන බව පැවසීමත් සමඟය.

මෝඩි හා ඇමරිකාව අතර සබඳතා බිදී යෑමට හේතු වූයේ හින්දු ජාතිවාදියෙකු වන මෝඩි ගුජරාට් මහා ඇමති ලෙස කටයුතු කරද්දී ගුජරාට් ප්‍රාන්තයේ සිදු වූ හින්දු මුස්ලිම් ගැටුම් හේතුවෙනි.එම ගැටුම් ඇවිලී ගියේ 2002 වසරේදීය. එයින් 2,000කත වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ .

එයින් වැඩි දෙනෙකු මුස්ලිම් ජාතිකයෝය.ගැටුමේදී මුස්ලිම් වැසියන්ට එරෙහිව හින්දු වැසියන් උසිගැන්වූ බවට ඉන්දීය රජය මොදිට චෝදනා කළේ ය. ආගමික ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා එහිදී එවකට මෝඩි ගේ රජයේ අගමැතිවරුන්ව සිටි කීප දෙනෙක් වරද කරුවෝ වූහ .

ඔවුන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමිවිය.එම සිදුවීම සම්බන්ධයෙන් විරෝධය පා මෝඩිට එරෙහිව රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා අත්හිටුවීමට ඇමරිකාව කටයුතු කළේ ය. මෝඩි ගේ වීසා අත්හිටුවීමට ද එවකට ඇමරිකා රජය පියවර ගත්තේය. ඒ නරේන්ද්‍ර මෝඩි ආගමික නිදහස දරුණු ලෙස උල්ලංඝණය කළේ යැයි චෝදනා කරමිනි.

ආසියා කලාපයේ ඇමරිකාවේ “හිතවතා’ ඉන්දියාවය . ඉන්දු ඇමරිකා සම්බන්ධතා දිගින් දිගටම පවත්වා ගැනීම ඇමරිකාවේ අරමුණයි.ඒ අනූව මෝඩි අගමැතිනිය නම් ඔහුට සමීප වීමට ඇමරිකාවට සිදුවනු ඇත .මෝඩි සමඟ මිතුදම අලුත් කර ගැනීමට ඔබාමා කටයුතු කරන්නේ එහෙයිනි .