මොඩි ජයලලිතා දෙසට හැරේ

0

ඉන්දියාවේ නව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොඩි තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම්ට සාකච්ඡා කිරිම සදහා පැමිණෙන ලෙසට ආරාධනාවක් කර තිබේ.එසේම අද නරේන්ද්‍ර මොඩි සහ භාරතීය ජනතා පක්ෂයේ හිටපු නායක ලාල් කි‍්‍රෂ්ණ අද්වානි සමග සාකච්ඡාවක් පවත්වා ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කලා.

එහිදි ඉන්දීය කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ .එසේම ඉන්දීය පාර්ලිමේන්තුවේ කථානායක ධුරය බොහෝ දුරට භාරතීය ජනතා පක්ෂයේ හිටපු නායක ලාල් කි‍්‍රෂ්ණ අද්වානිට හිමි වනු ඇති බවටද අද ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කලා.