මෝදී වයිකොට දුන් පොරොන්දුව

0

ශ්‍රි ලංකාවේ වාසය කරන දෙමළ ජනතාවගේ ගැටළු සදහා අවධානය යොමු කිරීමට ඉන්දීය නව අගමැති නරේන්ද්‍ර මෝදීගේ පොරොන්දුවී ඇති බව ඉන්දීය එම්.ඩී.එම්.කේ පක්ෂ නායක වයිකෝ පවසයි.

ඊයේ නවදිල්ලි නුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සදහන් කර තිබේ.

ඔවුන් සදහන් කරන්නේ සෝනියා ගාන්ධිගේ එක්සත් ප්‍රගතිශීලි සන්ධානය ශ්‍රි ලංකා රජය සමග එක්වී දෙමළ ජනතාවට හිරි හැර කල බවයි.

භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණය කිරීමත් සමග මෙවැනි ගැටලු සිදු නොවනු ඇති බව තමන් විශ්වාස කරන බවද වයිකෝ සදහන් කර තිබේ.