Nature’s Secrets රන් සම්මානයෙන් පිදුම් ලබයි

0

පසුගියදා පැවති 2013/14 ජාතික හරිත සම්මාන උළෙලේ දී, ශ‍්‍රී ලංකාවේ අංක එකේ ශාකසාර රූපලාවන්‍ය වෙළෙ`දනාමය වන Nature’s Secrets නිෂ්පාදනය කර අලෙවි කරන Nature’s Beauty Creations සමාගම, ගෞරවාන්විත ජාතික හරිත රන් සම්මානයෙන් පිදුම් ලැබුවා. Nature’s Secrets ජාතික හරිත සම්මානයෙන් අඛණ්ඩව පිදුම් ලැබූ තෙවන අවස්ථාව මෙයයි.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන් මෙවර ජාතික හරිත සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී ඉතා උත්කර්ශවත් අන්දමින් පැවැත් විය. එහිදි Nature’s Secrets ආයතනයට හිමි වූ ජාතික හරිත රන් සම්මානය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් Nature’s Secrets ආයතනයේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්‍ෂ සමන්ත කුමාරසිංහ වෙත පිරිනමන ලදි.

ස්වභාවධර්මයේ උතුම්ම දායාදය වන පරිසරය සුරකිමින් කටයුතු කරන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ විවිධ ආයතන ඇගයීමට හා ඔවුන්ව දිරිගැන්වීම ස`දහා පරිසර අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක වන මධ්‍යම පරිසර අධිකාරිය විසින් වාර්ෂිකව ජාතික හරිත සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි.

මෙහිදී ලැබුණු අයදුම්පත් සිය ගණනක් අතරින් ජාතික රන් හරිත සම්මානයෙන් පිදුම් ලැබීම ස`දහා Nature’s Secrets ආයතනය තෝරාගනු ලැබුයේ අනාගත පරපුර උදෙසා පරිසරය රැක ගැනීමේ දැක්ම පෙරදැරි කරගෙන පරිසර හිතකාමී ලෙස ආයතනයේ සියලූම කටයුතු සිදු කිරීම වෙනුවෙනි.

Nature’s Secrets ආයතනය, පරිසර හානිය වළක්වා ගනිමින් නිෂ්පාදන කටයුතු සිදු කිරීම, ස්වභාවික සම්පත් සහ බලශක්තිය ප‍්‍රශස්ත ලෙස භාවිතා කිරීම, පරිසර හිතකාමී ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම, වටිනා ඔසු උයනක් පිහිටුවා දුර්ලභ ශාක විශාල ප‍්‍රමාණයක් සංරක්‍ෂණය කිරීම, පරිසරය සුරැකීම ස`දහා පාසල් ළමුන් සහ ප‍්‍රජාව දැනුවත් කිරීම යනාදී මහ`ගු ක‍්‍රියාවලියක නිරත වෙයි.

ජාතික හරිත සම්මානය අඛණ්ඩව තෙවන වරටත් හිමි වීම සම්බන්ධයෙන් අදහස් දක්වන Nature’s Secrets ආයතනයේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්‍ෂ සමන්ත කුමාරසිංහ අප ආයතනය පරිසරය සුරැකීමට කැප වු දේශීය සමාගමක් බවත්, මින් පෙර අප ආයතනය බොහෝ සම්මාන දිනා ගෙන තිබුණත්, ජාතික හරිත රන් සම්මානයෙන් පිදුම් ලැබීම අප ලැබු මහ`ගු ජයග‍්‍රහණයක් ලෙස සළකන බවත්, ප‍්‍රකාශ කළේය.

වෙළෙ`දපොලේ ඇති බහුජාතික රූපලාවන්‍ය වෙළෙ`දනාම පරයායමින් අංක එකේ ශාකසාර රූපලාවන්‍ය වෙළෙ`දනාමය ලෙස ජනතා විශ්වාසය හිමිකරගෙන සිටින Nature’s Secrets ආයතනය, ජාතික හරිත සම්මාන උළෙල 2011 වසරේදී ආරම්භ කළ අවස්ථාවේ සිට මේ දක්වා සම්මානයට පාත‍්‍ර වු රූපලාවන්‍ය හා ඖෂධ නිෂ්පාදන ක්‍ෂෙත‍්‍රයේ එකම ආයතනය වීමද සුවිශේෂ සිද්ධියකී.

යුරෝපයේ පිළිගත් GMP සහ ජාත්‍යන්තරව පිළිගත් 9001 සහ ISO 14001 යන තත්ත්ව සහතිකයන් යටතේ නව තාක්‍ෂණයෙන් සමන්විත කර්මාන්ත ශාලාවේදී නිෂ්පාදනය කරන Nature’s Secrets , පුරාණයේ පටන් පැවත එන ඖෂධීය ශාකසාර ගුණය නවීන රූපලාවන්‍ය තාක්‍ෂණය සමඟ මුසු කරමින්, ජාත්‍යන්තර තත්ත්වයේ රූපලාවන්‍ය නිෂ්පාදන බිහි කරයි. මෙම කර්මාන්තශාලා පරිශ‍්‍රය වටා ඖෂධීය ශාක සහ පැළෑටි උද්‍යානයක් ඉදි කර ඇති අතර, එහි විවිධ දුර්ලභ ඖෂධීය ශාක විශේෂ 500කට අධික සංඛ්‍යාවක් සංරක්‍ෂණය කර ඇත. ඖෂධීය ශාක පිළිබ`ද පර්යේෂණ හා ඒවා සංවර්ධනය පිළිබ`ද අධ්‍යයනය ප‍්‍රචලිත කිරීම ස`දහා ශාක පර්යේෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කළ එකම පෞද්ගලික ආයතනයද Nature’s Secrets සමාගම වේ. දුර්ලභ හා වටිනා ඖෂධීය පැළ වර්ග රෝපණය කර, ජනතාව අතර බෙදාහැර අනාගත පරපුර වෙනුවෙන් ඒවා ආරක්‍ෂා කිරීම අරමුණු කරගෙන අතී නවීන පටක රෝපණගාරයක්ද Nature’s Secrets ශාක පර්යේෂණාගාරයට අනුබද්ධිතව ස්ථාපනය කර තිබේ.

ගෙවුන දශකය තුළ සාර්ථක හා ස්ථාවර දියුණුවට පත් Nature’s Secrets හි දැක්ම වන්නේ වසර 2020 වන විට ශාකසාර රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා ලොව ප‍්‍රකට ශ‍්‍රී ලාංකික වෙළෙ`ද සන්නාමයක් බවට පත්වීමයි. එම දැක්ම පදනම් කරගනිමින් Nature’s Secrets වෙළෙ`දනාමය ලොව පුරා රටවල් 50කට අධික සංඛ්‍යාවක ලියාපදිංචි කර ඇති අතර, Nature’s Secrets නිෂ්පාදන දකුණු හා අග්නදිග ආසියානු, යුරෝපා සහ ආසියා පැසිෆික් කලාපීය රටවල්වලට දැනටමත් අපනයනය කෙරෙයි.

ජායාරූපය –  ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් ජාතික හරිත රන් සම්මානය Nature’s Secrets ආයතනයේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්‍ෂ සමන්ත කුමාරසිංහ වෙත පිරිනමන ලද අවස්ථාව. පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත හා මධ්‍යම පරිසර අධිකාරීයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ද ජායාරූපයේ සිටිති.

Green Award 2 2014