යුධ නීතිය දැම්මේ රටේ නීතිය හා සාමය රකින්න

0

තායිලන්තයට එරෙහිව යුද නීතිය පැනවීමට එරට හමුදාව ඊයේ (20) අලුයම කටයුතු කළා.හමුදා ප්‍රධානීන් ඊයේ අලුයම විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ , යුද නීතිය පැනවූයේ හමුදා කුමන්ත්‍රණයක් සිදුකරමින් බලය අල්ලා ගැනීමට නොව රටේ නීතිය හා සාමය සුරැකීමට බවය.

කෙසේ නමුත් තායිලන්තයේ නව අන්තර්වාර අගමැතිවරයාගේ ආරක්ෂක උපදේශකවරයා පවසා ඇත්තේ එරට හමුදාව ගත් එම තීරණය සම්බන්ධයෙන් රජය දැනුවත් වී නොමැති බවත් ආරක්ෂක අංශ රජයෙන් කිසිදු උපදෙසක් ලබා නොගත් බව ය.

තායිලන්ත හමුදාව යුද නීතිය පැනවුයේ රට දේශපාලනික වශයෙන් අස්ථාවරව ඇති මොහොතක ය . එරට විපක්ෂ ක්‍රියාකාරීන් සහ රටට පක්ෂ ක්‍රියාකාරීන් අතර ගැටුම් ඇවිලෙයි.බැංකොක් ඇතුළු නගර රැසකින් ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වේ.