මම අළුත් ඉන්දියාවක් හදනවා

0

ඉතිහාසයේ කිසිදා නොලැබුණු ඉහළ තැනකට ඉන්දියාව ගෙන යන්නට කැප වෙනවා ඉතිහාසයේ කිසිදා නොලැබුණු ඉහළ තැනකට ඉන්දියාව ගෙන යෑමට තමන් දිවි හිමියෙන් කැප වෙන බවත් ඒ සඳහා රටේ ජනතාවගේ සහාය හා ආශීර්වාද දායකත්වයන මාවෙත ලබා දෙන්නැයි ජනතාවගෙන් තමා ඉල්ලිමක් කරන බව ඉන්දීය නව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.

සිය වෙබ් අඩවියෙන් ජනතාව අමතමින් ඔහු මේ බව සදහන් කර තිබේ.එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ,

පසු ගිය 16 වෙනිදා ඉන්දීය ජනතාව තම තීන්දුව ප්‍රකාශයට පත් කළා.රටේ දියුණුව ,ඵලදායි පරිපාලන හා ස්ථාවරත්වය උදෙසාම ඒ ජනතාව මට ඡන්දය දුන්නා.රට මෙතෙක් නොලැබු ඉහළම ස්ථානයක් කරා ගෙන යෑමට මා සූදානම්. එක්සත්ව රටට උචිත අනාගතයක් ගොඩ නැගීමට කටයුතු කරමින් සියලු අතින් දියුණු වූ ඒකීය ඉන්දියාවක් ගොඩනැගීමේ මාගේ සිහිනය සැබෑ කර ගැනීමට සියලු දෙනාටම එක්වන්නැයි මා ආරාධනය කරනවා.

අගමැති කාර්යාලයේ වෙබ් අඩවිය රටේ අගමැතිවරයා හා ජනතාව සම්බන්ධ කරන වැදගත් මාධ්‍යක් ලෙස පවත්වාගෙන යනවා .තාක්ෂණයේ බලය මෙන්ම සමාජ මාධ්‍යයේ බලය කෙරෙහි මා දැඩි විශ්වාසයකින් පසු වෙනවා. මේ වෙබ් අඩවියේ මා පිළිබඳවත් මාගේ කතාවන් මෙන්ම ක්‍රියාකාරී වැඩසටහන් , විදේශ සංචාරයන් ඇතුළු සියලු කරුණු ජනතාවට දැන් ගැනීමට සලසනවා .ජනතාවටද මා හා සම්බන්ධ විය හැකි මාධ්‍යයක් ලෙස මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යන්නට කටයුතු කරන බවටද නරේන්ද්‍ර මෝඩි වැඩි දුරටත් පැවසීය.