MBSL රක්ෂණ සමාගම් අර්බුදයක!

0

MBSL රක්ෂණ සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ සිඩිනි ගජනායක සහ සභාපති එම්.ආර්.ෂා අතර ගැටුමක් ඇතිවි තිබේ. අධ්‍යක්ෂකවරුන්ගේ රැස්විමකදි ඇතිවු කථාබහක් දුරදිග යැම හේතුවෙන් මෙම ගැටුම ඇතිවි තිබේ. කළමණාකාර අධ්‍යක්ෂකවරයාට පහර දුන් බවට ඉදිරිපත්වු පැමිණිල්ලකට අනුව කොළබ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරුවරයා විසින් MBSL සභාපතිවරයාට රුපියල් ලක්ෂය බැගින් ශරිර ඇප දෙකක් නියම ර තිබේ. පසුගිය 20 වැනිදා ඇතිවු මෙම ගැටුමෙන් කළමණාකාර අධ්‍යක්ෂකවරයා සහ සභාපතිවරයා කොළබ පෞද්ගලික රෝහලකටද ඇතුල් වි තිබේ.

මේ අතර MBSL රක්ෂණ සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ සිඩිනි ගජනායක එම සමාගමේ සේවයෙන් අනිවාර්ය නිවාඩු යවා ඇතැයි වාර්තාවේ.මෙම සමාගමේ සිදුව ඇතැයි කියන රුපියල් මිලියන 10 කට අධික අයථා මුදල් පරිහරණ චෝදනාවක් මෙයට හේතුව වි ඇති බව අභ්‍යයන්තර ආරංචි මාර්ග අනාවරණය කළා.

අධ්‍යක්ෂ මණ්ඩලයේ ඒකමතික තීරණය අනුව මොහුව මෙසේ අනිවාර්ය නිවාඩු යවා ඇති අතර මෙම තිරණයට විරෝධය පා සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙන බවද වාර්තා වේ.

කෙසේ වෙතත් MBSL ප්‍රධාන කොටස් විකිනිමට අධ්‍යක්ෂක මණ්ඩලය කටයුතු කරන බවත් එය ප්‍රබල ලෙස සේවකයින්ට බලපානු ඇති බවත් පවසමින් MBSL ප්‍රධාන ශාඛාව ඉදිරිපිට 21 වැනිදා උද්ඝොෂණයක් නියැලුනා. මිට අමතරව ලබන සදුදා MBSL රක්ෂණ සමාගමේ ශාඛා 62ක සේවකයින් ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් සංදේශයක් භාරදිමට පා ගමනින් යන බවද වාර්තා වේ.