කරච්චි ප්‍රහාරය පසුපස උස්බෙකිස්තාන් සටන්කාමීන්!

0

පාකිස්තානයේ කරච්චි නුවර ජින්නා ගුවන්තොටුපොළට එල්ල වූ තලේබාන් ත්‍රස්ත ප්‍රහාරයට උස්බෙකිස්තානයේ ඉස්ලාමීය සටන්කාමීන් ද එක වූ බව එම සංවිධානය නිවේදනය කර සිටි. ප්‍රහාරයට සම්බන්ධවී මිය ගිය සටන්කාමින් දස දෙනාගේ ඡායාරූප ඔවුහු ඊයේ (12) ප්‍රසිද්ධියට පත් කර තිබු අතර තලේබාන් සංවිධානය සමඟ එක්ව මෙම ප්‍රහාරය එල්ල කළ බවද සදහන් කර තිබේ.

පසු ගිය 8 වැනිදා ත්‍රස්තවාදීන් 10 දෙනෙකු පාකිස්තානයේ කරච්චි ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට කඩාවැදී පහර දුන්නා.කෙසේ වුව ද පාකිස්ථානය බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාරයෙන් මිය ගිය සටන්කාමින් අතර උස්බෙකිස්ථාන සටන්කාමීහු සිටීදැයි තහවුරු කර ගැනීමට ඩී. එන්. ඒ පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි.

K_01 (1) K_01 (2)

K-02