කරච්චි මහ මොළකරු මරුට

0

කරච්චි ගුවන් තොටුපලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ඇතුළු වාර්ගික උස්බෙකිස්ථාන සටන්කාමින් මරා දැමීමට තම ගුවන් හමුදාව සමත් වූ බව පාකිස්තාන රජය ඊයේ (16) නිවේදනය කලා.

පකිස්ථානයේ වෙළඳ නගරය ලෙස සැලකෙන කරච්චියේ ජින්නා ගුවන්තොටුපොළට කඩා වැදී ඉකුත් 8 වැනිදා පහර දුන්නේ උස්බෙකිස්තාන සහ පාකිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන “තරීක් ඊ තලේබාන් ’ ත්‍රස්තසන්විධානයයි.

ත්‍රස්තවාදීන්ගේ අරමුණ වූයේ ගුවන්තොටුපොළට සහ ගුවන් යානාවලට පහර දීමයි . නමුත් එය අසාර්ථක විය .ප්‍රහාරයේ වගකීම භාර ගනිමින් තලේබාන්වරු කියා සිටියේ පකිස්ථානය තම නායක හකිමුල්ලා මෙෂුඩ් මරා දැමීමට පලිගැනීමක් වශයෙන් එම ප්‍රහාරය එල්ල කළ බවයි .

පාකිස්ථාන හමුදාම මෙෂුඩ් මරා දැමුවේ ඉකුත් නොවැම්බරයේ දී ය .තරික් ඊ තලේබාන් ත්‍රස්ත සංවිධානය ප්‍රහාරයේ වගකීම බාර ගත් අවස්ථාවේදී එය සැලසුම් කළේ තමන් බව තම සහය තලේබාන්වරුන්ට හිමිවනු බවත් උස්බෙකිස්තාන වාර්ගික සටන්කාමීහු පැවසුවා.

ඒ අනූව උස්බෙකිස්ඨානයෙන් පැමිණ තම ගෝත්‍රික ප්‍රදේශවල සැඟවී සිටින උස්බෙකිස්තාන් සටන්කාමීන් සොයා ගුවන් ප්‍රහාර එල්ල කිරීමට පකිස්ථාන රජය වහා ක්‍රියා කලා.

සටන්කාමීන්ගේ තිත් පොළවල් ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කරනු ලැබුවේ ඉකුත් සති අන්තයේදීය . ප්‍රහාරය සැලසුම් කළ මහ මොළ කරු මිය ගොස් ඇත්තේ එම ප්‍රහාරයෙන් යැයි පකිස්ථාන රජය කියා සිටියා.