දේශීය ඇඟළුම් වෙළෙඳ පොලෙන් සියයට 60 විදේශ සන්නාම අතේ

0

ශී‍්‍ර ලංකා ඇඟළුම් අපනයනයේ ප්‍රමුඛ රටක් වූවද ශ්‍රී ලංකාවේ වෙළෙදපොල තුල සියයට 60ක් පමණ අළෙවි කරන්නේ චීනය, ඉන්දියාව සහ ඉන්දුනීසියාව වැනි රටවල නිෂ්පාදිත ඇඟළුම් වන අතර ලංකාවේ සිල්ලර ඇඟළුම් වෙළෙද පොලේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 02කි.

එම වෙළෙඳ පොලට අවතීර්ණවීම සදහා ශ්‍රී ලංකා සන්නාම සංගමය නිල වශයෙන් ආරම්භ කිරීම සහ එහි නිල වෙබ් අඩවිය එළිදැක්වීම ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන් 2014 ජූනි 20 වන දින කොළඹ සිනමන් ලේක් හෝටලයේදී ඇඟළුම් ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයින් රැසකගේ සහභාගීත්වයෙන් සිදුවිය.

ශී‍්‍ර ලංකා ඇඟළුම් සන්නාම සංගමයේ මූලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ඇගළුම් සන්නාමය දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ඉහළ ‍පිළිගැනීමක් ඇති ත්ත්වයකට පත් කිරීමයි. එම සංග‍මයේ සාමාජිකයින් සංඛ්‍යාව 100කට ආසන්නය. තරඟකාරි ලෙස නිෂ්පාදන වන ගුණාත්මකභාවය වර්ධනය කරමින් විදේශ ඇඟළුම් සමඟ තරග කර දේශීය නිෂ්පාදන වලට හොද අනාගතයක් උරුමකර දීම එහි තවත් අරමුණකි.

උත්සවයේ ප‍්‍රධාන ආරාධිත දේශනය කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශයේ ලේකම් අනුර සිරිවර්ධන විසින්ද පිළිගැනීමේ කථාව ශී‍්‍ර ලංකා ඇඟළුම් සන්නාම සංගමයේ සභාපති ඉන්ද්‍රදත්ත ධර්මවර්ධන විසින්ද පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද සිල්වා සහ අනෝමා ගමගේ ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

ඇඟලුම් අපනයනය කිරීමේ ප්‍රමුඛතම රටක් වන ශ්‍රී ලංකාවේ වෙළඳ පොළ තුළ සියයට 60 ක් පමණ අලෙවි කරන්නේ චීනය, ඉන්දියාව හා ඉන්දුනීසියාව වැනි රටවල නිෂ්පාදනය කළ ඇඟලුම් බව අනාවරණය වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමයේ (Sri Lanka Apparel Brands Association- SLABA) සභාපති, ඉන්ද්‍රදත්ත ධර්මවර්ධන පැවසුවේ ලංකාවේ සිල්ලර ඇඟලුම් වෙළඳ පොළේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 02 ක් පමණ වන බවයි.

මෙම වෙළඳ පොළේ සියයට 40 ක පමණ කොටසකට ශ්‍රී ලාංකික සන්නාම හිමිකම් කියනු ලබයි.

ඉන්ද්‍රදත්ත ධර්මවර්ධන කියා සිටියේ බදු ගසමින් විදේශීය සන්නාම මෙරටට පැමිණීම වලක්වන ලෙස සිය සංගමය රජයන් ඉල්ලීම් නොකරන බවත් තරගකාරී ලෙස නිෂ්පාදනවල ගුණාත්මක භාවය වර්ධනය කරමින් විදේශීය ඇඟලුම් සමග තරග කිරීමට බලාපොරොත්තු වන බවත් දේශීය නිෂ්පාදන වලට අනාගතයක් උදාකර ගත හැක්කේ ඒ ආකාරයෙන් බවයි.

ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමයේ මූලික අරමුණ වන්නේ ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාමය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමක් ඇති තත්ත්වයට පත්කිරීමයි.

මේ වනවිට, ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමයේ සිටින සාමාජිකයින් ගණන 60 දෙනෙකු ඉක්මවා ගොස් තිබෙන අතර ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදනය ඩොලර් බිලියන 03 ක සීමාව දක්වා සංවර්ධනය කිරීම මෙම සංගමයේ අපේක්ෂාවයි.