එජාපය දිනවන්න ඕන අය

0

මීලඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කිරීමට නම් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නායක රනිල් වික්‍රමසිංහ ඉදිරිපත්විය යුතු බවට සහ එම මැතිවරණ සටන මෙහෙයවීමට සජිත් ප්‍රේමදාසට පැවරිය යුතු බවට එම පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවකට ඊට බහුතරයක ප්‍රසාදය හිමි වී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රිනී චන්ද්‍රානි බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයේ දිස්ත්‍රික් කෘත්‍යාධිකාරී මණ්ඩලය පෙරේදා (21) රැස්වූ අවස්ථාවේදී මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ රාජාංගනය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක නිහාල් කොඩිතුවක්කු විසිනි.

අනුරාධපුර මහ නගර සභාවේ විපක්ෂ නායක ඉන්දික අරන කුමාර් එම යෝජනාව ඉදිරිපත් කළ නිහාල් කොඩිතුවක්කු පවසා ඇත්තේ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් මැතිවරණ සටන මෙහෙයවීම සජිත් ප්‍රේමදාසට පවරන්නේ නම් බලතල සහිතව පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයද ඔහුට පැවරිය යුතු බවයි.