ලංකාවේ වැඩ ඉන්දියාවේ දාන්න ගිහින් ඇණගනී

0

ඉන්දිය නව අග්‍රාමාත්‍ය නරේන්ද්‍රසිං මෝදිගේ නව ආණ්ඩුව දුම්රිය ගාස්තු සීයට 14 කින් ඉහල දැමීමට ගත් තිරණය හමුවේ ඊට විරෝධය පළ කරමින් පෙරේද (21) ඉන්දියාව පුරා විරෝධතා පැවැත්විණි.නවදිල්ලි අගනුවර පැවති විරෝධතා සංවිධානය කළේ විපක්ෂය වන කොන්ග්‍රස් පක්‍ෂ සන්ධානයයි.එම විරෝධතාවට දෙසීයකට වැඩි සංඛ්‍යාවක් එක වී සිටි බවත් , කළහ කාරීව හැසිරුණු හෙයින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හැරීමට දිල්ලි පොලිසිය කටයුතු කළ බව ඉන්දිය මාධ්‍ය වාර්තා සදහන් කර තිබේ.

දුම්රිය ගාස්තු මෙසේ වැඩි කිරීම දිළිඳු සහ මධ්‍යම පන්තියේ ජනතාව දැඩි ලෙස අපහසුතාවට පත් කිරීමක් යැයි තමිල්නාඩුවේ ඩි .එම්. කේ පක්ෂනායක කරුණානිධි මාධ්‍ය හමුවේ කියා සිටියේ.

ලොව විශාලතම දුම්රිය සේවාව ඇති රට වන ඉන්දියාව දිනකට මිලියන් 25 කට වැඩි සංඛ්‍යාවක් දුම්රිය ගමන් බිමන් වල යෙදෙන බවත් ගාස්තු වැඩි නොකිරිම නිසා දැනට ඇති වී ඇති පාඩුව ඉන්දීය රුපියල් කෝටි 26 කට වැඩි බවද ඉන්දිය මාධ්‍ය වාර්තා සදහන් කර සිටි.

කොංග්‍රසය සන්ධාන රජය පැවති සමයේ දී ද මේ අයුරින් දුම්රිය ගාස්තු ඉහල දැමීමට උත්සාහ කළ නමුදු ජනතා විරෝධය හේතුවෙන් එය වැළකී ගියේ යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කර තිබේ.