දෝණි දෙයියන්ට වෙච්ච දෙයක් !

0

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් නායක මහේන්ද්‍ර සිං දෝනි අත්අඩංගුවට ගන්නා ලෙසට ඉන්දීය අධිකරණය අද නියෝග කර තිබේ.

ඒ විෂ්ණු දෙවියන්ට අපහාස වන ආකාරයෙන් ඡායා රූපයකට පෙනී සිටීම හේතුවෙන්.විෂ්ණු දේවාලයක භාරකරයෙකු විසින් ‍ අධිකරණයකට කර තිබූ පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.එම පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන් වන්නේ මහේන්ද්‍ර සිං දෝනි විෂ්ණු දෙවියන් ආකාරයට සැරසී ඡායා රූපයකට පෙනී සිටීමෙන් හින්දු ආගමට ද අපහාසවූ බවයි.

මහේන්ද්‍ර සිං දෝනිට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර අවස්ථා 3කදී දැනුම් දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරයි.

එහෙත් දෝනිට එම නියෝග නොලැබුණු බවද වාර්තා වන අතර ඒ අනූව ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝග කිරීමටත් ලබන මස 16දාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් නියෝග කර තිබේ.