CIFL ජනතා මුදලින් බාල් නටලා

0

CIFL සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් පි.එල්.සි ආයතනයේ තැන්පතු මුදලින් රුපියල් මිලියන 800 ක් විවිධ ව්‍යාපෘති හා ඉඩම් මිලදී ගැනීම් සඳහා යොදවන බව හඟවා කූඨ ලේඛන සකස් කර සාවද්‍ය පරිහරණය කර ඇතැයි රහස් පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහමඩ් ඒ සහබ්දීන් වෙත දැනුම් දි තිබේ.වරලත් ගණකාධිකාරී ආයතනයක් මඟින් අදාළ CIFL ආයතනය සම්බන්ධයෙන් කර තිබු විගණන පරීක්ෂණයකදී ඒ බව හෙළිවි තිබේ.

මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනයක් වන CIFL ආයතනය 2013 /06/13 වැනිදා වන විට 7300 කට ආසන්න තැන්පත් කරුවන් පිරිසක් රුපියල් බිලියන 3.4 ක මුදලක් තැන්පත් කර තිබේ.

CIFL ආයතනයේ සභාපතිවරයාව සිටි චුලක ගුණවර්ධන නමැති සැකකරු මෙම මුදල් සාවද්‍ය පරිහරණයෙන් පසු මල්ලවආරච්චිගේ දීප්ත යන නමකින් යුක්ත විදෙස් ගමන් බලපත්‍රයක් භාවිතා කොටගෙන 2013/9/2 වැනිදා රහසිගතව විදෙස් ගතව තිබේ.ඒ අනුව චුලක ගුණවර්ධන අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදනයක් සහිත විවෘත වරෙන්තුවක් මේ වන විට නිකුත් කර තිබේ.