ලාංකීය නිළියට සල්මන්ගෙන් තෑග්ගක් !

0

බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන් , ශ්‍රී ලාංකීය බොලිවුඩ් නිලි ජැකලීන් ෆර්නැන්ඩස්ට මුම්බායි නුවර බන්ද්‍රා ප්‍රදේශයෙන් නිදන කාමර තුනකින් සමන්විත තට්ටු නිවාසයක් තෑගී කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරයි.

සල්මන්ගේ නවතම බොලිවුඩ් නිෂ්පාදනය වන “කික්”හි ඔහුගේ පෙම්වතිය ලෙස රංගනයෙන් එක වී සිටින්නේ ජැකලීන් ය . චිත්‍රපටයේ සාර්ථකත්වය සමඟ ජැකලීන් ට එම තෑග්ග ලබා දුන් බව සල්මන් මාධ්‍යට පවසා තිබේ.

සල්මන් මීට පෙර ද ඔහුගේ සාර්ථක චිත්‍රපටවල පෙම්වතිය ලෙස රඟපෑ නිළියනට මිල අධික තෑගී ලබාදී ඇති බවද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කරයි .