මෝදිගේ මේසේ පිරෙන ජයලලිතාගේ ලියුම්

0

ඉන්දීය ධිවරයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මැදිහත්වී ශී‍්‍ර ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධිවරයන් කඩිනමින් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ජයලලිතා ජයරාම් ලිපියක් යොමුකර තිබෙනවා.

එම ලිපියෙන් කච්චතිවු දූපත ඉන්දියාවට යළිත් පවරා ගැනීමට මැදිහත් වන ලෙසත් ඉල්ලා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

පෝක් සමුද‍්‍ර සන්ධීය ආසන්නයේ ධිවර කටයුතුවල නිරත වන ධිවරයන්ට හිරිහැර සිදුවෙන බවත් එම ප‍්‍රදේශයේ ඉන්දීය ධිවරයන්ට මසුන් මැරීම සදහා අවස්ථාව හිමිවිය යුතු බවත් එම ලිපියෙන් ඇය පෙන්වා දී ඇති බවත් ඉන්දීය මාධ්‍ය පවසනවා.

සතියක් ඇතුළත අදාළ ගැටළුව සම්බන්ධයෙන් ජය ලලිතා ජයරාමි ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාට යොමුකළ දෙවැනි ලිපිය මෙයයි.