බොදු බල සේනා “ශුද්ධ වූ කුරාණයට” අපහාස කරලා

0

බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මාධ්‍ය සාකච්ඡාවක දී ශුද්ධ වූ කුරාණයට අපහාස කළ බව තම අදහස යැයි සංස්කෘතික අමාත්‍යංශයේ මුස්ලිම් ආගමික අංශ අධ්‍යක්ෂ ජනරාල් වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටි.

ඥානසාර හිමියන්ගේ ප්‍රකාශය ඇතුළත් වීඩියෝපටය සම්බන්ධයෙන් වාර්තාවක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට ඉදිරිපත් කරමින් ඔහු මේ බව සදහන් ර තිබේ.

කොම්පඤ්ඤවීදියේ නූර්දීන් මොහොමඩ් විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලක් අනුව ඥානසාර හිමියන්ට  එරෙහිව මේ විභාගය පැවැත්වේ.

බොදු බල සේනා මගින් මහනුවරදී පැවැත් වූ රැස්වීමකදී බෞද්ධ භික්‍ෂුවක යැයි පවසන අයෙකු රැස්ව සිටින පිරිස අමතා කළ කථාවෙහි සඳහන් මුස්ලිමි ජාතිකයින් විසින් මුස්ලිමි නොවන අයට ආහාර ප‍්‍රදානය කිරීමේදී එම ආහාර සඳහා කෙළ ගසා දෙනු ලබන බව අල් කුරානයේ සඳහන් වී ඇතැයි ප‍්‍රකාශ කර ඇති අතර එම ප‍්‍රකාශය සඳහා මාධ්‍යය මගින් පුලූල් ප‍්‍රචාරයක්ද ලබා දී තිබුනා.

‘අද කුරානයේ උගන්වන අල් තකියා කියන තියරියට අනුව අල් තකියා කියන න්‍යායට අනුව අල් තකියා කිවන්නේ මොකක්වත් නොවෙයි කුරානයේ උගන්වනවා මුස්ලිමි ජනතාවට ඒ අන්තවාදී කල්ලි වලට කියනවා උඹලා ජීවත්වන ප‍්‍රදේශයට ගිහිල්ලා මිනිස්සුන්ව රැවටීමට පත් කරන්න මිනිස්සුන්ව මුලාවට පත් කරන්න මුලාවට පත් කරල රැවටීමට පත් කරල ඒ ඒ දේපළ අත් පත් කර ගන්ඩ ඉඩකඩමි අත්පත් කර ගන්ඩ ඒ කුරානීය ඉගැනිවීමි වලට අනුවයි මුස්ලිමි නායකයින් වැඩ කරන්නේ’

මෙම ප‍්‍රකාශය හාස්‍යජනක ලෙස ශුද්ධ වූ කුරානය විකෘති කිරීමක් කරන ලද්දක් වන අතර මෙවැනි නියෝගයක් කුරානයේ අඩංගු නොවන බවද මෙම මිත්‍යා ප‍්‍රබන්‍ධය ප‍්‍රකාශයට පත් කර ඇත්තේ හුදෙක් මුස්ලිමි ජනතාව ඇවිස්සීෙමි බලාපොරොත්තුවෙන් බවයි මුස්ලිම් නායකයින් පෙන්වා දුන්නේ.