පරිසර හිතකාමි ඉන්ධන ප්‍රමිතියෙන් තොරයි!

0

පරිසර හිතකාමි ඉන්ධන ශ්‍රි ලංකාවට හදුන්වා දීමට ගත් තීරණයෙන් පසු පළමුවෙන්ම මෙරටට ආනයන කල 10PPM වර්ගයේ ඩීසල් ප්‍රමිතියෙන් තොර බව හෙළිවී තිබේ.එම ඩීසල් තොගය මෙට්‍රික් ටොන් 7000ක් බව සදහන්.චීන සමාගමක් හරහා පසුගිය 03 වනදා මෙරටට ගෙන්වු සල්ෆර් දශම 0001 සහිතවු එම ඩීසල් තොගය සම්බන්ධයෙන් කොළොන්නාව පරික්ෂණාගාරයේදී අවස්ථා දෙකකදී පරීක්ෂා කර ඇති බවයි සදහන් වෙන්නේ.එම අවස්ථා දෙකේදීම 10PPM වර්ගයේ ඩීසල් ප්‍රමිතියෙන් තොර බවටයි හෙළිවී ඇත්තේ.

ඒ කෙසේ වෙතත් මෙම ඉන්ධන වර්ගය ශ්‍රි ලංකාවට හදුන්වාදීම පිළිබද වෙළද ප්‍රචාරණ කටයුතු සදහා පසුගිය මාර්තු මාස 07 වනදා අධ්‍යක්ෂික මණ්ඩල පත්‍රිකා 25/1114 යටතේ රුපියල් කෝටි 25ක් වෙන්කර තිබුණා.