විදුහල්පතිතුමා 07 වන වසරේ සිසුවියකට අමුතු පාඩමක් උගන්වලා

0

හම්බන්තොට, පහල අන්දරවැව ප්‍රදේශයේ විදුහලක විදුහල්පතිවරයෙකු එම පාසලේ 07 වන වසරේ සිසුවියකට ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්ධයෙන් මව්පියන්ගෙන් ලැබුණු පැමිණිල්ලකට අනූව පොලීසිය විසින් අද (08) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 04 වන සිකුරාදා විදුහල්පතිවරයාගේ කාර්යාලය තුළ දී තමන් ලිංගික අපයෝජනයකට ලක් වූ බව සිසුවිය විසින් මව්පියන්ට පැවසීමෙන් අනතුරුව ඔවුන් මේ ගැන හම්බන්තොට පොලීසියට ඊයේ පැමිණිලි කර ඇත.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබේ.

මේ ගැන පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව විදුහල්පතිවරයා හා තවත් ගුරුවරුන් දෙදෙනෙකු තම නිවසට පැමිණ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙස තමන්ට දැන්වූ බව අදාළ සිසුවියගේ පියා පවසා ඇත.

සැකකාර විදුහල්පතිවරයා හෙට (09) හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා හමුවට පැමිණවීමට නියමිතය