ගොවියන් දිළින්දන් කරන යෝජිත බීජ පනත

0

ආණ්ඩුවේ යෝජිත බීජ පනත හරහා ඒකාධිපති රාජපක්‍ෂ රෙජීමය යටතේ ගිරුවාපත්තුවේ ගොවියන් ද දිළිඳු භාවයට පත්ව ඒ ප්‍රදේශයේ ඉඩම්වල කුලී කාරයන් බවට පත්වීමට ඉඩ තිබෙන බව එක්සත් ජාතික පක්‍ෂ ජාතික නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

බිජ අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාර සමග පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක කාර්යාලයේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවේදී විපක්ෂ නායකවරයා අවධාරණය කළේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව 2003 දී පාර්ලිමේන්තුවේ දී සම්මත කළ බීජ පනත සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොකර හදිසියේම මෙවැනි පනතක් ඉදිරිපත් කිරීමට යන්නේ කුමක් සඳහා ද යන ප්‍රශ්නය සහ සැකය මතුවන බවයි.

බීජ පනත දෙස බැලිය යුත්තේ රටේ කෘෂිකර්මය සහ ආහාර ප්‍රතිපත්ති අනුව වන අතර ඒ පනත සම්බන්ධයෙන් කිසිවකුට සිය අභිමතය පරිදි ක්‍රියා කිරීමට හැකියාවක් ඇත්තේ නැහැ. 2050 වන විට කෝටි 250 දක්වා වැඩි වන වන ජනගහන ප්‍රශ්නයට සහ ඒ අයට අවශ්‍ය ආහාර ලබා දෙන්නේ කෙසේද යන ප්‍රශ්න දෙකට දකුණු ආසියානු කලාපය මුහුණදීමට නියමිතයි.

එම ජනගහණය සහ ඒ ජනතාවට අවශ්‍ය ආහාර ලබාදීම යන කාරණයේ දී පස සහ ජලය ඉතා වැදගත් වන නිසා බීජ පනත සකස් කළ යුත්තේ ඒ කරුණු කාරණා ගැන විශේෂ අවධානයක් යොමු කරමින් බව කිව යුතුයි.

ඉතා තරගකාරී ආර්ථිකයක් සහ තිරසාර සංවර්ධනයක් ගැන අප කතා කරමින් සිටින අතර තරගකාරී ආර්ථිකයක් ගෙන යනවා නම් පරිසරය ආරක්‍ෂා කර අපේ පරිසරයට හානි නොවන ආකාරයට සංවර්ධනය ගෙන යා යුතුයි.

මේ කරුණු කාරණා කෙරෙහි අවධානය යොමු නොකර මේ බීජ පනත ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම විශාල ප්‍රශ්නයක් වන අතර 2003 දී පාර්ලිමේන්තුවේ දී සම්මත කෙරුණු බීජ පනත අහෝසි කිරීමට තිබෙන අවශ්‍යතාවය කුමක්ද යන ගැටලූව ද මතු වනවා.

පාර්ලිමේන්තුවේ දී 2003 දී සම්මත කෙරුණු බීජ පනත එදා අප ඉදිරිපත් කළේ ගොවි ජනතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමිනුයි. ගොවි ජනතාවට අයිතියක් තිබිය යුතු අතර අපේ ස්ථාවරය වූයේ මේ සියල්ල පරීක්‍ෂා කර බලා සියලූ දෙනා සමග සාකච්ඡා කර තීන්දු තීරණ ගත යුතු බවයි.

අපේ ස්වභාවික බීජ වර්ග අප ආරක්‍ෂා කළ යුතු අතර විශේෂයෙන්ම අප අපට ආවේණික වී වර්ග ආරක්‍ෂා කළ යුතුයි. ලෝකයේ සමහර රටවල් වී වර්ග අඩු කර තිබෙන අතර ඇතැම් රටවල් සිය දේශීය වී වර්ග ඇතුලූ බීජ ආරක්‍ෂා කර තිබෙනවා. ඇතැම් රටවල ඒ අයට ආවේණික සාම්ප්‍රදායික සහ දේශීය බීජ වඳවී ගොස් තිබෙනවා.

ගොවි ජනතාවට සිය ගොවිතැන් කටයුතු කිරීමට ඉඩ ලබාදිය යුතු අතර ආණ්ඩුව හෝ පුද්ගලික අංශය වාණිජ මට්ටමේ බීජ නිෂ්පාදනය කරනවා නම් අප ඒ කටයුතු පාලනය කළ යුතුයි. 2003 දී බීජ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරමින් අග්‍රාමාත්‍යවරයා ලෙස මම කළේ ගොවි ජනතාවට අලූත් අයිතියක් ලබා දීම නොව ඒ බීජ සඳහා ගොවි ජනතාවට තිබෙන අයිතිය තහවුරු කිරීමයි.

යෝජිත බීජ පනත මගින් ගොවි ජනතාවට ඒ ඒ බීජ සඳහා තිබෙන අයිතිය සම්පූර්ණයෙන්ම අහිමි කර ඒ අයිතිය මේ අයගේ යටතට ගන්නේ ඇයි? මේ ව්‍යාපාරය කරන්නේ කවුරුන්ද? මේ ව්‍යාපාරයෙන් මුදල් උපයන්නේ කවුරුන්ද?
වගා කරන පුද්ගලයාගේ අයිතිවාසිකම් අප ආරක්‍ෂා කළ යුතුයි. විවෘත ආර්ථිකයට අනුව පාරිභෝගිකයා වන්නේ වගා කරන පුද්ගලයායි. මිලදී ගැනීම සිදු කරන්නේ ඔහුයි. ඒ අනුව බීජ සමාගමක් කියන්නේ අදාළ බීජ සපයන ආයතනයයි. එසේ නම් අප ආරක්‍ෂා කළ යුත්තේ සැපයීමේ අයිතිය නොව, එම බීජ මිලදී ගන්නා පාරිභෝගිකයාගේ අයිතියයි.

පාරිභෝගික පනත යටතේ පාරිභෝගිකයා ආරක්‍ෂා කිරීම සඳහා ඒ ඒ ව්‍යාපාරවලට විවිධ නීතිරීති පනවනවා නම් මේ පනත යටතේ ගොවියාගේ අයිතිය ආරක්‍ෂා කිරීමට පියවර නොගන්නේ මන්ද යන ප්‍රශ්නය මතුවනවා.

ගොවියාගේ අයිතිවාසිකම් කවරේද යන්න පිළිබඳව නීත්‍යානුකඣලව සඳහන් කර ආරක්‍ෂා කළ යුතු අතර බීජ නිෂ්පාදනය කරන අංශයේ හෝ බෙදා හැරීමේ අංශයේ ආරක්‍ෂා කිරීමට විශේෂ කාරණා තිබෙනවා නම් ඒ පිළිබඳව ද කරුණු පැහැදිලි කළ යුතුයි.

2003 බීජ පනත යටතේ අප බුද්ධිමය දේපොළ ගැන විශේෂ අවධානය යොමු කළේ ලෝකයේ බොහෝ රටවල දේශීය බීජ වර්ග ආරක්‍ෂා නොකළ නිසා ඒ බීජ නිෂ්පාදනයට අදාළ බුද්ධිමය දේපොළ ජනතාවට අයිති නොවී සමාගම්වලට අයිති වූ නිසයි.

අපේ රටේ වී වර්ග විශාල ප්‍රමාණයක් තිබෙනවා. ආණ්ඩුව ඉදිරිපත් කිරීමට යන බීජ පනතට කවුරුන් හෝ සුළු සංශෝධනයක් කර මේ සියලූ බීජ ඒ අයට අයිති යැයි කියා සිටියහොත් සිදු වන්නේ කුමක්ද? අපට විවිධ එළවළු වර්ග තිබෙනවා. ඒ වගේම අඹවර්ග ගණනාවක් තිබෙන අතර රwුටන් වර්ග විශාල ප්‍රමාණයක් තිබෙනවා. එම නිසා සාම්ප්‍රදායික සහ දේශීය බීජ වර්ග සියල්ල පොදුවේ තිබිය යුතු අතර ආරක්‍ෂා කළ යුතු ද වනවා.

මේ බීජ වර්ග ආරක්‍ෂා කරන අතරම සිය මුදල් යොදවා සිය පරිශ්‍රමයෙන් අලූත් බීජ වර්ග ඇති කරනවා නම් ඊට බුද්ධිමය දේපොළ අයිතිය තිබිය යුතුයි. ලෝකයේ බොහෝ රටවල ප්‍රශ්න ඇති වී තිබෙන්නේ මේ ක්‍රියාමාර්ග දෙක පැහැදිලිව වෙන් නොකිරීම නිසයි. ආණ්ඩුව ඉදිරිපත් කිරීමට යන මේ බීජ කෙටුම්පතේ ඒ ඒ බීජ මේ ආකාරයට පැහැදිලිව වෙන් කර නැහැ. එම නිසා මේ පනත යටතේ ඕනෑම බීජ සමාගමකට ක්‍රියා කර අපේ දේශීය සහ සාම්ප්‍රදායික බීජ වර්ග සියල්ලේ අයිතිය ලබාගත හැකියි.

එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය, ගොවි ජනයා ඇතුලූ සියලූ පාර්ශ්වයන්ගේ අදහස් සහ යෝජනා අනුව මේ වන විට අප සකස් කරමින් සිටිනවා. අපේ මූලික අරමුණ වන්නේ ගැමි ආර්ථිකය ඉතා ශක්තිමත් ලෙස දියුණු කිරීමයි. එමෙන්ම ගොවි ජනතාවගේ ආදායම වැඩි කරන්නේ කෙසේද යන කාරණය පිළිබඳව ද අපේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා. මේ කටයුතු කිරීමේ දී අප ජලය සහ පස ආරක්‍ෂා කළ යුතු අතර කෘෂිකර්මය සඳහා ඉඩම් වෙන් කළ යුතුයි.
මේ බීජ පනත මගින් ගොවියා නැති වී දේශීය සහ සාම්ප්‍රදායික බීජ අයිතිය සමාගම් කිහිපයක් අතට යන බව කිව යුතුයි. මේ පනත අනුව මේ දේශීය සහ සාම්ප්‍රදායික බීජ අයිතිය යන්නේ දේශීය සමාගම්වලට නොව, බහුජාතික සමාගම්වලටයි