ආරක්ෂක අමාත්‍යංශයේ ලිපිය නළුවන්ටත් අරහං

0

ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ පල වූ ලිපියක නිසා තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම්ට අපහාස වූ බව පවසමින් දකුණු ඉන්දීය නළු නිලියන් පිරිසක් චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපටදී ඊයේ (4) විරෝධතාවක නිරත විය.

තමිල්නාඩුවේ ජනප්‍රියම නළුවන් වන විජේ , සුර්යා ඇතුලු ඉන්දීය ද්‍රවිඩ ජනප්‍රිය නළු නිලියන් මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් ,නිෂ්පාදකවරුන් සහභාගී වී ඇතැයි වාර්තා වේ.දකුණු ඉන්දීය සිනමා ක්‍ෂේත්‍රයේ 500 කට ආසන්න පිරිසක් සහභාගී වී සිටි බව ඉන්දිය මාධ්‍ය වාර්තා සදහන් කර සිටි.

ධීවර ගැටළු ගැන තමිල් නඩු මහ ඇමිතිනිය අගමැතිවරයාට නිර්න්තර් ලිපි ලිවිම සම්බන්ධයෙන් අපහාසාත්මක කරුණු දක්වමින් ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළවූ ලිපියෙන් සිය මහ ඇමැතිනියට අපහාස වී ඇති බව සඳහන් කරමින් ශ්‍රී ලංකා විරෝධී පාඨ ඇතුලත් පුවරුද මෙහි දී නළු නිලියන් ඇතුළු පිරිස ප්‍රදර්ශනය කර තිබේ.

04-surya-in-protest-600 04-vijay-in-proteeat-600