සචින්ගේ සමුගැනීමේ සටන ඇරඹේ

0

ලොව බිහි වු විශිෂ්ඨතම ක‍්‍රිකට් ක්‍රීඩකයෙකු වන සචින් තෙන්ඩුර්කාර් සිය ක‍්‍රිකට් දිවියෙන් සමු ගැනීමේ අවසන් තරඟයට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ අද මුහුණ දෙනවා. මුම්බායි නුවර වැන්කඩේ ක‍්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම අවසන් ටෙස්ට් තරඟයේ ටිකට් පත් මිල දී ගැනීම සඳහා අවස්ථාව නොලැබුණු ලක්‍ෂ සංඛ්‍යාත ඉන්දිය ක‍්‍රිකට් ලෝලින් දැඩි ලෙස කණගාටුවට පත් වී ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි. 1989 දී ක‍්‍රිකට් දිවියට එළැඹෙන විට සචින් තෙන්ඩුර්කාර්ගේ වයස අවුරුදු 16 කි.

ටෙස්ට් තරඟ 199 කට සහභාගි වෙමින් ඉනිම් 320 ක් ක‍්‍රීඩා කර ඇති තෙන්ඩුර්කාර් ශතක 51 ක් අර්ධ ශතක 61 ක් ලබා ගෙන තිබෙනවා. සිය ක‍්‍රිකට් දිවියේ ද්විත්ව තරඟයට ක‍්‍රීඩා කරන සජිත් තෙන්ඩුර්කාර්ට තවමත් ත‍්‍රිත්ව ශතකයක් ලබා ගැනිමට හැකියාවක් ලැබී නැහැ. ටෙස්ට් තරඟයේ දී ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 248 කි. අඩි 5 යි අඟල් 5 උසැති ලොව විශිෂ්ඨම ක‍්‍රිකට් ක‍්‍රීඩකයා ලෙස විරුදාවලිය ලබා ගත් සචින් තෙන්ඩුර්කාර් දෙවැනි වන්නේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ නොමැකෙන මතක සටහනක් තැබූ ශ‍්‍රීමත් දොන් බ‍්‍රැඞ්මන්ට පමණි.