ඇමතිතුමා ගන්න හැටි බලමුකෝ!

0

කවුරු කෙසේ කීවත් ඇමති රාජිත සේනාරත්න තමාගෙන් මුදල් ඉල්ලා නඩු දැමුවද එයින් සත 05ක්වත් ඇමතිවරයාට ලබා දීමට තමන් සුදානම් නොමැති බව බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥනසාර හිමි පවසයි.උන්වහන්සේ මේ බව සදහන් කලේ ,ඊයේ මහනුවර පැවති උත්සවයකදීය.

ඊයේ ඥනසාර හිමියන් මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමීන් වහන්සේ බැහැ දුටුවා.එහිදී මාධ්‍යවේදියෙකු අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.පසුගිය දිනවලදී ඇමති රාජිත සේනාරත්න බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ට රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලා නඩු දමන බව සදහන් කලා.

එසේම පසුගිය දිනවලදී ඥාණසාර හිමියන් රාජිත සේනාරත්න අමාත්‍යවරයාට දිගින් දිගටම චෝදනා කලා.ඒ චෝදනා නිසා තමන්ට අපහාසවූ බවත් ඒ නිසා රුපියල් බිලියනයක් ඉල්ලා නඩු දමන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කලේ.

ඥනසාර හිමියන් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සදහන් කලේ ,

“රාජිතට අපි කියනවා ගෙදර යන්න නෙමෙයි හිරේ යන්න ලෑස්ති වෙන්න කියලා.මේ මිනිහව එල්ලුම්ගස් යවන්න සාධක තියනවා.අපි පැහැදිලිව කියනවා රාජිත කියන්නේ එල්.ටී.ටී.ඊ සමග සම්බන්ධකම් පවත්වපු මිනිහෙක්.කදිරේෂන් කියලා කෙනෙක් හිටියා පාමංකඩ සරණංකර පාරේ.මේ කියන පුද්ගලයාටත් රටින් පැන ගන්න වගේම රට තුළට එන්න සල්ලි දුන්නා “යනුවෙන්ය.මෙහිදී ඥාණසාර හිමි රාජිත සේනාරත්න අමාත්‍යවරයාව දීර්ඝ ලෙස විවේච්නය කරන්නට විය.