අතුරුපස එක්කම මැණිකක් කමුද ?

0

ලංකාවේ වටිනාකමකින් යුත් අතුරු පස ගාල්ලේ කොග්ගල ෆොර්ට‍්‍රස් රෙසොර්ට් අවන්හල මගින් පිළියෙල කොට තිබේ. රිටිපන්න ධීවරයෙකුගේ හැඩයට තනා ඇති මෙම අතුරුපස ඔවුන් මිලකොට ඇත්තේ රුපියල් මිලියන 1.8 මුදලකටය. රිටිපන්න ධීවරයෙකුගේ හැඩය චොක්ලට් වලින් සාදා තිබෙන අතර ඉතාලියානු කැසෙටා රස සහිත අයිරිෂ් අයිස් ක‍්‍රීම් සහ අඹ රස සහිත ව මෙම අතුරු පස සකසා තිබේ. මෙම අතුරුපස සමඟ කැරට් අසුවේ නිල් මැණික් ගලක් ද පිරි නැමෙන අතර එම මැණික් ගල හේතුවෙන් මෙහි වටිනාකම ඉහළ ගොස් තිබේ.මෙම මැණිකෙහි වටිනාකම රුපියල් ලක්ෂ 14 ක් පමණ වේ. මෙය ලෝකයේ මෙම මුදලට වඩා මිලක් වනු ඇති බව, හෙටෙල් කලමනාකරිත්වය අප සමඟ සදහන් කලා.

මෙම හොටෙල් නිකේතනයේ කළමනාකාරිත්වය පාලන අධිකාරිය හා විශේෂ සුප වේදිහු මෙම මනරම් රසම රස අතුරු පස නිපැයුම නිපදවා තිබේ. මෙම රස අතුරු පස කතාන්දරයේ නිර්මානාත්මක දැක්මක් ජපානයේ දී පැවැත්විණි. මෙහි ලංකාවේ මෙම හෙටෙල් නිකේතනය මගින් ඉදිරිපත් කළ නිර්මානාත්මක නව නිපැයුමට ප‍්‍රථම ස්ථානය හිමිව තිබේ. ඒ ලොව රටවල් සියයකට අධික ප‍්‍රමාණයක් පරාජයට පත් කරවමිණි. 2014 වර්ෂයේ මෙම සම්මානය අපේ ලංකාවට ලැබීමද සුවිශේෂ වුවකි.

අපේ දේශිය පලතුරු කර්මාත්යද. ලංකාවේ මැණික් හා ස්ර්ණාභරණ කර්මාත්යටද, අපේ දේශිය සූපවේදිනගේ මනා වු නර්මාණාත්මක බව හෙළ කලා හැකියාවද ද මෙහි දී අගයිමට ලක්වුහ.

ලොව අනාදිමත් කාලයක සිට පැවැත එන සාම්ප‍්‍රදායික ධීවර කර්මාන්ත යටතේ, ලොව ලංකාවේ පමණක් සිදුකරන රිටිපන්න ධීවර කර්මාන්තයේ යෙදෙන රටි පන්න ධීවරයකුගේ හැඩයද සහිතව මෙම රසම රස අතුරු පස ක‍්‍රම කිහිපයකට නිපදවා තිබේ.එය මිල දි ගන්නට දෙස් විදෙස් රටවල සංචාරකයනට හැකියාව තිබේ.

මෙයට පෙර ලෝකයේ වටිනාතම කේක් එක සකස් කරන ලද්දේද මෙම හොටෙල් නිකේතනය මගිනි.

රිටි පන්නා ධීවර කර්මාන්තයේ බිලී පිත්තේ, ඇම අමුණන බිලී කටුව සකස් කරන්නේ ලංකාවේම අපේ ධීවරයෝය. එම තාක්ෂණය ලොව කිසිදු තාක්ෂණයට නොදෙවනි ආකාරයට සකස් කරන අපේ ධීවරයෝ ඒ තාක්ෂණය පරපුරෙන් පරිපුරට උරුමයක් ආකාරයට පවත්වාගෙන යන අතර එම සුපිරි තාක්ෂණය වෙනත් කිසිදු රටකට හොරකම් කර ගත නොහැකි ආකාරයට සකස් කර තිබේ. එය සිංහල රිටි පන්නා ධීවරයනටම උරුම වු තාක්ෂණයකි.

මේ රසම රස අතුරු පසට පසුබිම් වු රිටි පන්නා ධීවර කර්මාන්තයේ ලෝකයම මවිත කරවන්නා වු රහසක් මෙන්ම රසයක් ඇති බව, පෙනේ. ඒ මෙම රුපියල් ලක්ෂ 14 කට වඩා වැඩි මැණිකේ, රහසයි. එය සත්තකින්ම මැණික් ගලකි. එම මැණික් ගලද මේ කතාන්දරයේ දී තවත් ප‍්‍රධානතම අංගයකි. මෙම අතුරු පස නිපැයුමේ බිලී කටුවට අමුණන ලද ඇම වශයෙන් යොදා ඇත්තේ පෙර කී රුපියල් ලක්ෂ 14 ක් වටිනා අගනා මැණිකකි.

ඇම වෙනුව මෙම මැණික මෙම නිර්මානාත්ම අතුරු පසට එක් කරගෙන ඇත්තේද,සාම්ප‍්‍රදායක් හා උරුමයක් ආරක්ෂා කරන්නටය. එයට ද අනාදිමත් කාලයක සිට පැවත ගෙන එන සිංහල ධීවර කර්මාන්තයේ කිසිදු දිනක අප අසා නැති කතාන්දරයකි.

මෙම කර්මාන්තයේ යෙදනෙ ධීවරයෝ පරපුරේ උරුමයෙන් යුතුව පවත්වානගෙන එන කර්මාන්තයේම අයටම ආවේනික වු පළදනාවක් තිබේ. ඒ රිටි පන්නා ධීවර කර්මාන්තයේ ධීවරයනගේ පවුල් වලට පමණක් සිමා වු ආභරණයකි. මෙම ආභරණය සකස් කරන විශේෂිත ගල් විශේෂය ද ඇත්තේ දකුණු පළාතේ කොග්ගල ආදි මුහුදු සිමාවේ ගම් කිහිපයක පමණි.

මේ ගල් පැළදගෙන කරෙහි බදින මාලයක් මෙන් හෝ අතෙහි බදින පළඳනාවක් මෙන් සකස් කළ ගල් විශේෂයකි. එම ගල් විශේෂය පැළඳ ගෙන මසුන් අල්ලන්නට රිට මතට ගොඩ වෙන ධීවරයාට හිතේ හැටියට මසුන් අල්ලා ගන්නට හැකි මහා හාස්කමක් මෙම අගනා ගල් පළඳනාව සතුව ඇති බව ඇති බව, රිටිපන්න ධීවර කාර්මිකයෝ අදට ද විස්වාස කරන විස්වාසයකි. මේ ගල එතරම්ම මහා හාස්කමක් රැකවරණයක් පරික්ෂමක් දැකිය හැකිය. විශාල බලයක් මේ විශේෂ ගල් පාෂාණය සතුව තිබෙන බව, ධීවරයෝ පවසති. ඒ මහා උරුමය ලොවටම කියමින් මේ බිලී පිත්තේ ඇමට සවිකර ඇත්තේ ඒ උරුමය ලොවටම කියන ආකාරයේ ගලකි. එය මිල කිරීම සඳහා හොටෙල් කළමණාකාරිත්වය මෙම මහා කතාන්දරය කියවෙන ගලට මිලක් නියම කරවන්නට මැණික් ගලක් අමුණා තිබේ.

මෙය පිළිබඳව එතෙර මෙතෙර ධානපතියෝ ජාතිකයෝ දැනගත් පසුව ඒ අය පුදුමයටත් මවිතයටත් පත් වු බව හොටෙල් කළමනාකාරිත්ව අප සමඟ වැඩිදුරටත් සදහන් කලා.

සටහන -නිමල් අල්ගෙවත්ත

08fortressstiltfishermanindulgencemostexpensivedesserts fortress-stilt-fisherman-indulgence-471x265 images wp742d4711_05_06