රටේ තක්කඩි ඔක්කොම තනාපති තතනතුරු වල

0

අපේ රටේ බරපතල වැඩ කරපු පුද්ගලයන් රටෙන් පිටුවහල් කර තනාපති තනතුර දක්වා උසස් කර ඇති බව සාධාරණ සමාජයක් සදහාවු ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි පවසයි.උන්වහන්සේ මේ බව සදහන් කලේ එම ව්‍යාපාරයේ නිල වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

කටුනායක කම්කරු පෙළපාලියට පහරදී කම්කරුවෙකු ජිවීතක්ෂයට පත් වීමත් ඉන්පසු එවකට සිටි පොලිස්පතිවරයා ඉල්ලා අස්වු අතර නමුත් දින දෙකකට පසු ඔහු බ්‍රසීලයේ තනාපති වශයෙන් පත්වන බවයි උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කලේ.තවත් කෙනෙකු සදහා අධිකරණය හරහා කිසිදු තනතුරකට පත් නොවිය යුතු බවට සදහන් කලත් ඔහු මේ වන විට අබුඩාබියේ තනාපති වශයෙන් කටයුතු කරන බවද උන්වහන්සේ සදහන් කලා.

රතුපසවල ප්‍රදේශයේ සිදුවු සිදුවීමට් අදාළව 03ක් ඝාතනයවු අතර එතුමාද තනාපති සේවයට ඉදිරිපත් කර ඇති බව උන්වහන්සේ කියා සිටියා.මෙය අපේ රටට සිදුවන අසාධාරණයක් බවත් මේ පිළිබදව විවෘත්තව කතා කල යුතු බවද උන්වහන්සේ කියා සිටියා.අපේ රටේ නිතීය ස්වාධීන විය යුතු බවත් වත්මන් පාලනය රටේ නිතීය අල්ලගෙන නටන නාඩගම් වහාම නතර කල යුතු බවද උන්වහන්සේ අවධාරණය කලා.කෝප් වාර්තා 03ක් මේ වන විට ඉදිරිපත්ව ඇති අතර ඒ සදහා මේ ආණ්ඩුව දුම් අල්ලමින් තබා ගන්නවා යනුවෙන්ද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියා.