බන්දුලගේ ආසනය තවත් රත් වෙයි !

0

ප්‍රසිද්ධ විභාග හිත මතා අවුල් කරන්නන්ට එරෙහිව නිතීය තදින් ක්‍රියාත්මක කල යුතු බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරමින් එවැනි ක්‍රියා මාර්ගවල නිරතවන්නට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග පිලිබඳ තමා නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබෙන බවත් අමාත්‍යවරයා සදහන් කලා.

එසේම එම නීති ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් තමා විභාග කොමසාරිස් ජනරාල් වරයාගෙන් ද වාර්තාවක් ද ඉල්ලු බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

මිට ඉහතදී ඉසෙඩ් ලකුණු ගණනය කර තිබෙන අකාරය වැරදි බවට ලංකා ගුරු සංගමය චෝදනා කරමින් රටම නොමග යැවූ අතර , 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වයේ ප්‍රශ්න ප්‍රශ්ත්‍රයක් පිටවූ බවට අසත්‍ය ප්‍රචාරයක් කරමින් ලංකා ගුරු සේවා සංගමය තවත් අවුලක් කළ බවද අමාත්‍ය ගුණවර්ධන මෙහිදී පෙන්වා දුන්නා.

ඉහත අවස්ථා දෙකම අධිකරණය හමුවේ සනාථ කර ගත නොහැකි වූ අතර , මෙවර උසස් පෙළ විභාගයේදී ආර්ථික විද්‍යාව ප්‍රශ්න ප්‍රත්‍රය සම්බන්ධයෙන් තවත් අවුලක් නිර්මාණය කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

දේශපාලන න්‍යාය පත්‍ර වලට ක්‍රියාත්මක වන ඇතැම් ගුරු සංගම් අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීමෙන් විභාගයට මුහුණදෙන දරුවන්ට බලවත් අසාධාරණයක් වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.