සරණක් සොයා පැමිණි පිරිසක් පිටුවහල්

0

මෙරට රැඳී සිටින පාකිස්තාන හා ඇෆ්ගනිස්තාන ජාතිකයන් සියයකට අධික පිරිසක් ඊයේ (11 ) වන විට මෙරටින් පිටුවහල් කිරීමට ආගමන විගමන කටයුතු අමාත්‍යංශය පියවර ගෙන තිබේ.ඔවුන් මෙරට රැදි සිට ඇත්තේ එක්සත් ජාතින්ගේ සරණාගතයන් පිළිබඳව කොමිසම විදේශ කටයුතු අමාත්‍යාංශය හා ඇතිකර ඇති කොන්දේසි කඩවන අයුරින් දේශපාලන රැකවරණය මතයි.

ඒ අතර පාකිස්ථාන ජාතිකයන් 84ක් හා ඇෆ්ගන් ජාතිකයන් 16ක් සිටී.ඔවුන් කොළඹ , මිගමුව මොරටුව පානදුර පස්යාල , යන ප්‍රදේශවලින් අත්අඩංගුවට ගත් බවයි එහි ආගමන හා විගමණන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සදහන් කලේ.

හඳුනාගත් ප්‍රදේශවල තාවකාලිකව පදිංචි වීම හා ශ්‍රී ලාංකිකයන්ගෙන් ඈත්කර වෙනම තැබීම යන දෙපාර්ශවය අතර ඇති කර ගත් කොන්දේසි කඩ කරමින් මේ ජනතාව රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අන්දමට රටේ නීති විරෝධී ජාවාරම් , මුලධර්මවාදී ක්‍රියාකාරකම් ,මෙන්ම විදේශ ඔත්තු සේවා වල යෙදෙන බවට ආරක්ෂක බුද්ධි අංශ රජයට අනතුරු අඟවා තිබේ.

මේ වන විට පාකිස්ථානය හා ඇෆ්ගන් ජාතිකයන්ට ඔන්ලයින් විසා ක්‍රමය තාවකාලිකව අත්හිටුවා ඇති අතර මෙරට රැඳී සිටින සියලුම සරණාගතයන් රටින් පිටවන්නැයි ආගමන විගමන දෙපාර්තුමේන්තුව දැනුම් දී ඇතැයි ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කලා.