English වලත් උඩ යට මාරු වෙලා

0

අ.පො.ස උසස් පෙළ විභාගයේදී ඊයේ පස්වරුවේ ලබා දීමට නියමිතව තිබු ඉංග්‍රිසි ප්‍රශ්න පත්‍රයක දෙවන කොටසක් ඊයේ උදෑසන කාලයේ ලබාදී ඇති බව වාර්තා වේ.මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයාද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සදහන්.

ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රය ලබා දීමට නියමිතව තිබුණේ ඊයේ දිනයේදීය.ඒ ඉංග්‍රිසි භාෂා පළමු ප්‍රශ්න පත්‍රය උදෑසන කාලයේදීත් දෙවන කොටස සවස් කාලයේදීය.නමුත් කළුතර ශාන්ත ජෝන් මහා විද්‍යාලයේ විභාග ප්‍රශ්න පත්‍ර ලබාදී ඇත්තේ උඩ යට මාරුකරමින්.

මේ වැරදී ක්‍රියාදාමය නිසා එම විභාග ශාලාවේ අපේක්ෂකයන්ට ඉංග්‍රිසී විෂයට අදාළව ප්‍රශ්න පත්‍ර දෙකම ළග තබා ගෙන පළමු ප්‍රශ්න පත්‍රයට පළමුවත් දෙවන ප්‍රශ්න පත්‍රයට පසුවත් පිළිතුරු ලිවීමට සිදුව තිබේ.එහිදී විභාග ශාලාවේ උදෑසන 8.30ට අසුන්ගත් අපේක්ෂකයන්ට පස්වරු 3.00 වනතුරු එක දිගට විභාග ශාලාවේ රැදී සිටින්නට විය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිසුන්ගේ දෙමාපියන් ලංකා ගුරු සංගමයටද පැමිණිලි කර ඇති බව සදහන්.