ඔබාමාගේ රතු කට්ට පනී

0

ඉරාකයේ හා සිරියාවේ ව්‍යාප්ත වන ජිහාද්වාදය නමැති පිළිකාව මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා පවසයි. ඊයේ (21) විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සදහන් කලා.

පසුගියදා ඉරානයේත් සිරියාවේත් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන “අයි එස් අයි” සුන්නි මුස්ලිම් වාදීන් විසින් ඇමෙරිකානු ජාතික මාධ්‍යවේදියෙකු ඝාතනය කලා.එම සිදුවීම පදනම් කර ගනිමින් ජනාධිපති බැරැක් ඔබාමා මේ ප්‍රකාශය සිදු කලා.

ඝාතනයට ලක් වූ එම ඇමෙරිකානු ඡායාරූප මාධ්‍යවේදී ජේම්ස් රයිට් ෆෝලි ත්‍රස්තයන්ගෙන් මුදා ගැනීමට හැකි සෑම උත්සහයක්ම ගත් නමුත් එය අසාර්ථකවූ බවයි බැරැක් ඔබාමා සදහන් කරන්නේ.ත්‍රස්තයන් විසින් ජේම්ස් රයිට් ෆෝලි සඟවා සිටි සෙසු ඇමෙරිකන් ජාතිකයන් එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට ත්‍රස්තයන් කටයුතු කර තිබුණු බවද ආරක්ෂක අංශ වැඩිදුරටත් සදහන් කරනවා.