මටනම් දැන් නාලා එපා වෙලා

0

ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා තමාට එල්ල වුනු “අයිස් බකට්” අභියෝගය ප්‍රතික්ෂේප කරමින් ඔහුගේ රජයේ නිලධාරීන්ටද අයිස් බකට්” අභියෝගය තහනම් කර තිබේ.

බටහිර සුපිරි නළු නිලියන් ගායක ගායිකාවන් ක්‍රීඩිකාවන් පමණක් නොව හිටපු ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් සහ මයික්‍රොසොෆ්ට් අධිපති බිල් ගේට්ස් පවා මෙම අයිස් බකට් අභියෝගය බාර ගත් අතර ලංකාවේද දේශපලනඥායන් සහ කලාකරුවන් කිහිප දෙනෙකුම මෙම අභියෝගය භාරගෙන තිබුනා.

මේ අතර අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ ඇමෙරිකන් ජාතික කොරේ ග්රිෆින් කිමිදීමට ගිය අවස්ථාවක දියේ ගිලි ජිවිතක්ෂයට පත්වුනා.

ස්නායු අබධවලින් පෙලන ඇමෙරිකානුවන් වෙනුවෙන් අරමුදල් රැස් කිරිමට කල මෙම අභියෝගය හරහා මේ වන විට ඇමෙරිකන් ඩොලර් මිලියන 2.1 ක් එකතුවි තිබේ.