රට කන්නේ දේශපාලඥයන්!

0

 රට විනාශ කරන මත්කුඩු මැඩපැවැත්වීම සියළු දෙනාගේම වගකීමක් බව අස්ගිරි පාර්ශවයේ මහ නායක උඩගම ශ්‍රී බුද්ධ හිමි රක්ඛිත පවසයි.උන්වහන්සේ මේ බව සදහන් කලේ එජාප නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසුරිය සමග පැවති සාකච්ඡාවකදීය.එහිදී උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කර තිබෙන්නේ කවුරුන් හෝ කෙනෙකු මේවා පෙන්වා දීම සඳහා ඉදිරිපත් වීම අවශ්‍ය වන්නාසේම මේ සියල්ල දෙස ඇහැකන පියාගෙන බලා සිටීමද වැදගත් නොවන බවයි.

මෙහිදී රජය කැසිනෝ සූදු ක්‍රීඩාව මෙරට ස්ථාපිත කිරීමට පියවර ගැනීම තුලින් රටේ මහත් ව්‍යසනකාරී තත්වයක් හට ගෙන සමාජයට එයින් මහ හානියක් වන ආකාරය සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස සාකච්ඡා කරන්නට වීය.

ආණ්ඩුව රට විනාශ කිරීමේ ක්‍රියාදාමයක් සඳහා විදේශිකයන්ගේ සහය ලබා ගෙන ඇති බවත් ඒ අතර දේශපාලඥයන් ව්‍යාපාරිකයන් රාජ්‍ය නිලධාරීන් හා වෛද්‍යවරු පවා කටයුතු කරගෙන යන මේ අවස්ථාවේ එවැනි කටයුතු නවත්වා දැමීමට ක්‍රියා කළේ නැත්නම් රට විනාශ වෙලා යන එක වලක්වන්න බැහැ යනුවෙන්ද උඩුගම බුද්ධ රක්ඛිත හිමියන් වැඩිදුරටත් සදහන් කලා.