Body එක අවුල් නම් පුහුණුවත් නෑලු

0

මෙවර විශ්ව විද්‍යාල වලට ඇතුළු කර ගන්නා සිසුන් සඳහා පැවැත්වෙන නායකත්ව පුහුණුව මේ මස 7 වැනිදා ආරම්භ කෙරෙන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.එම අමාත්‍යාංශය සදහන් කලේ මේ සදහා සිසුන් 23,500 ක් දෙනෙකු යොමු කරන බවත් එය අදියර තුනකින් ක්‍රියාත්මක කෙරෙන බවයි.

නායකත්ව පුහුණු පළමු අදියර මේ මස 7 වැනිදා සිට 27 වැනිදා දක්වා ද දෙවැනි අදියර ඔක්තෝබර් මස 4 සිට ඒ මස 24 වැනි දින දක්වාද තෙවැනි අදියර ඔක්තෝබර් මස 30 වැනි දින සිට නොවැම්බර් 21 වැනි දින දක්වාද පැවැත්වෙන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවා.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ආරක්ෂක අමාත්‍යාංශය ඒකාබද්ධව එම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.මේ අතර යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු නොවන ශිෂ්‍ය ශිෂ්‍යාවන් නායකත්ව පුහුණුවට සම්බන්ධ කර නොගන්නා බව ද උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි .