ISIS ඉදිරියේ ඔබාමා අඩියක් පස්සට

0

ISIS සුන්නි මුස්ලිම් ත්‍රස්තවාදීන් විසින් අල්ලා ගනු ලැබ සිටින තවත් ඇමෙරිකන් මාධ්‍ය වේදියෙකුගේ ගෙල සිඳ මරා තිබේ.මොහුව ඝාතනය කරන ලද්දේ මිට පෙර 40 හැවරිදි ජේම්ස් රයිට් ෆෝලි නමැති ඇමරිකන් මාධ්‍ය වේදියා ඝාතනය කළ “ජිහාඩ් ජෝන්” නමැති ත්‍රස්තවාදියාය.

කෙසේ නමුත් ඊයේ (03) දිනයේදී “ජිහාඩ් ජෝන්” නමැති ත්‍රස්තවාදියා විසින් ඝාතනය කර ඇත්තේ ස්ටීවන් සොට්ලොෆ් නමැති 31 හැවරිදි ඇමෙරිකන් ජාතික මාධ්‍ය වේදියාය.ඝාතනයට ලක්වු මාධ්‍යවේදීයා ඇමෙරිකාවේ මියාමි හි පදිංචි කරුවෙකු බවත් “ටයිම්” සහ ඇමෙරිකන් පොලිසි” වැනි පුවත් පත් සඟරා වලට ලිපි සැපයු නිදහස් මාධ්‍යවේදියෙකු බවත් වාර්තා වේ.

2013 වර්ෂයේදී අතුරුදන් වන ස්ටීවන් සොට්ලොෆ් ISIS සුන්නි මුස්ලිම් ත්‍රස්තවාදීන් විසින් අල්ලා අල්ලා ගෙන ඇති බවට කරුණු වාර්තාවී තිබේ.එසේම මේ සම්බන්ධයෙන් ඇමෙරිකන් මාධ්‍යවේදීන් ජනාධිති බැරැක් ඔබාමාගෙන් ප්‍රකාශයක් බලාපොරොත්තු වෙමින් ධවල මන්ධිරයට පැමිණි නමුත් ජනාධිපතිවරයා එම ස්ථානයෙන් පිටව ගොස් පැය කීපයකට ඇති බවද සදහන්. එහිදී ජනපති ඔබාමා “මෙරින් වන්”නිල හෙලිකොප්ටර් යානයේ නැගී ධවල මන්දිරයෙන් පිටවී පසුව එයාර් ෆොස් වන් නිල ගුවන් යානයෙන් එස්තෝනියාව බලා පිටත්ව ගිය බවද වැඩිදුරටත් වාර්තා වේ.