සැප ගන්න නම් මෙහේ එන්න එපා

0

එදා රාජ්‍ය සේවකයා අද තරම් පහසුකම් බලාපොරොත්තු නොවූ බවත් අද නිළධාරීන් යම් යම් පහසුකම් බලාපොරොත්තු වන බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග පවසයි.ඔහු මේ බව කියා සිටියේ අද (04) කොළඹ නාරාහේන්පිටදී පැවති උත්සවයකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ,

මේ මේසය, පුටුව, පරිගණකය තුලින් සිදු වන්නේ ජනතා සේවයයි. මේවා තුලින් ජනතා සේවය ඉටු නොවුණොත් ‘‘මහින්ද චින්තන’’ ඉදිරි දැක්ම තුල තිබෙන කාරණය සම්බන්ධයෙන් ජනාධිපතිට සිත් තැවුලක් ඇති වේවි. රාජ්‍ය සේවයේදී ඉතා වැදගත් වන්නේ මනුෂ්‍ය කමයි.බැණුම් අහන්න අකැමති කිසිදු අයෙක් වෙනත් කෙනෙකුට නොබැණිය යුතුයි. අපේ කාර්යාල වලට එන අයට මනුෂ්‍ය කමින් සලකන්නේ නැතිනම් ඒ සේවාවෙන් වැඩක් නැහැ. .

කාමරයක තනියෙන් තීරණ ගැනීමට වඩා කණ්ඩායමක් ලෙස තීරණ ගැනීම ඉතා වැදගත්ය. රටට ඉතා වැදගත් වන්නේ නිපුණතා සංවර්ධනයයි. විශ්ව විද්‍යාලයට නොගොස් තමන්ගේ දෑත්, දෑස් වලින් ලබා ගන්නා දැනුම තුලින් ජීවත් වන්නට පුළුවන් නම් එයයි අද රටට අවශ්‍ය වන්නේ.

lalith 1 lalith 2