දියවැඩියාවෙන් අපේ අනාගතය සුරකිමු

0

ලෝක දියවැඩියා දිනය අදට (14) යෙදී තිබේ. මෙවර දියවැඩියා දිනයේ තේමාව වශයෙන් නම් කර තිබෙන්නේ දියවැඩියාවෙන් අපේ අනාගතය සුරකිමු. ‘Diabetes: protect our future’ යන්නයි. දියවැඩියාව යනු මිහිමත ජීවය ආරම්භ වු දා පටන් පවතින රෝගයකි. මෙම රෝගය පිළිබඳව පැරණිම ලේඛණ හමුවන්නේ කී‍්‍ර.පූ 1500 දී ඊජිප්තු ලේඛණයන්හීදී ය. එමෙන්ම පළවන සහ දෙවන කාණ්ඩයේ දියවැඩියා රෝග තත්ත්වයන් ගැන ක‍්‍රී.පූ 400 – 500 අතර විසු සුශ‍්‍රැත සහ චරක යන වෛද්‍යවරුන් විසින් ද සඳහන් කර ඇත. දියවැඩියාව පිළිබඳව ලෝක තත්ත්වය ගත් විට ෙමි වනවිට ලොව පුරා වෙසෙන ජනගහනයෙන් මිලියන 200 ක් තරම් පිරිසක් මෙම රෝගයෙන් පීඩා විදිති. 2030 වන විට එය මිලියන 366 දක්වා ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. වසරකට පුද්ගලයින් මිලියන 07 ක් අළුතින් දියවැඩියා රෝගී ලැයිස්තුවට එකතුව තිබේ.

අයහපත් ආහාර රටා, අධික සීනි සහ පිටි සහිත ආහාරපාන, දවසින් වැඩි කාලයක් රූපවාහිනිය රෝග පරිගණකය අසල විෙවිකීව ගත කිරිම, ශාරීරික ව්‍යායාමවල නිරත නොවීම, දුම්බීම සහ මද්‍යසාර භාවිතය දියවැඩියා රෝගය ඉහළයාමට ප‍්‍රධාන හේතූන් වේ. මෙම රෝග තත්ත්වය වළක්වා ගැනීමට නම් අඩුම තරමින් දිනපතා විනාඩි 30 ක් වත් සිරුර වෙහෙසා වැඩ කිරීම හෝ ශාරීරික ව්‍යායාමවල නිරතවීම, පිටි හා සීනි ආහාර භාවිතය අවම කිරිම, හැකි තරම් පළතුරු සහ එළවලු පාරිභෝජනය කිරිම මගින් දියවැඩියාවට ගොදුරුවීමට ඇති ඉඩකඩ අවම කරගත හැකිය.

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් විට මේ වනවිට අප රටේ ජනගහනයෙන් 1/4 ක් දියවැඩියාවට ගොදුරු වී සිටි. එමෙන්ම 2050 වනවිට එම ප‍්‍රමාණය දෙගුණයක් වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. වාර්ෂිකව දියවැඩියාව නිසා පුද්ගලයින් 500-600 ක් අතර පිරිසකගේ පාද ඉවත් කරනු ලබයි. විශේෂයෙන්ම පාසල් දරුවෝ විශාල ප‍්‍රමාණයක් දියවැඩියාවට ගොදුරු වී සිටි. ඒ අනුව පාසල් දරුවන්ගෙන් සියයට 10 ක් පමණ දියවැඩියාවට ගොදුරු වී සිටින අතර, සියයට 15 ක් පමණ දියවැඩියාවට ගොදුරුවීමේ අවදානම් අවස්ථාවේ පසුවෙයි.

ශ‍්‍රී ලංකාෙවි නාගරික ජනගහනයෙන් සියයට 40 ක් පමණ ද, ග‍්‍රාමිීය ජනගහනයෙන් සියයට 19 ක් පමණ ද දියවැඩියා රෝගයට ගොදුරු වී සිටින අතර, දියවැඩියාව නිසා වෙනත් රෝග ගණනාවක් වැළදීමට පිළිවන. ඒ අනුව හෘද රෝග, වකුගඩු රෝග, අක්මාව ආශ‍්‍රිත රෝග, අන්ධභාවය හා දෘෂ්ඨික ඌණතා, චර්ම රෝග, මොළය ආශ‍්‍රීත රෝග, අස්ථි ආබාධ, ඇතුළු රෝග ගණනාවක් දියවැඩියා රෝගය නිසා හට ගනී. මෙම කාරණය සැළකිල්ලට ගනිමින් මේ වනවිට දිවයින පුරා දියවැඩියාව පිළිබඳ දැනුම්වත් කිරිමේ වැඩසටහන් සුවදිවි සායන මධ්‍යස්ථාන වලදී මෙන්ම, රෝහල් වලදී ද වෙනත් සායනික වැඩසටහන්වලදී ද ක‍්‍රියාත්මක කර ඇත.

දියවැඩියාවෙන් ආරක්ෂා වීම සඳහා ගත යුතු මුලික ක‍්‍රීයාමාර්ගය වන්නේ අයහපත් ආහාරපාන වලින් වැළකීමත්, නිසි පරිදි ශාරීරික ව්‍යායාමවල යෙදීමත් ය. එම නිසා දියවැඩියා රෝගය වළක්වාගැනිම සඳහා පියවර ගත යුතු අතර, එම රෝගය නිට්ටාවට සුව කිරිම සඳහා මෙතෙක් කිසිදු ඖෂධයක් සොයාගෙන නැත. එම නිසා මෙම රෝගය වළක්වාගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදෙන උපදෙස් අනුගමනය කරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉල්ලා සිටි.