9/11 ගැන අවධානයෙන්

0

ලිපියව් ට්‍රිපොලි ගුවන් තොටුපොලෙන් පැහැරගත් මගී ගුවන් යානා 11ක් එරට ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන ඉස්ලාමිය ත්‍රස්තවාදීන් සතුව ඇති බවත් ඔවුන් මේ ගුවන් යානා යොදා ගනිමින් 2001 වසර් සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට එල්ල කළ අල්කයිඩා ප්‍රහාරය හා සමාන අකාරයේ ප්‍රහාර මාලාවක් එල්ල කල හැකි බවටත් ඇමෙරිකන් බුද්ධි අංශ අනතුරු අඟවයි.

2011 ඔක්තෝම්බරයේ දී කර්නල් මුවම්මාර් ගඩාෆි මරා දමා ඔහුගේ රජය පෙරලා දැමීමෙන් පසු ලිබියාවේ නව රජයක් පිහිටුවේ ඇමෙරිකාව , බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රටවල සහය ඇතුවය.එම රජයට එරෙහිව සිටින ඉස්ලාමිය ත්‍රස්තවාදීන් හැඳින්වෙන්නේ “ ලිබියා ඩෝවින්”යන නමිනි . මොවුන් අද ලොවේ අංක එකේ ත්‍රස්ත සංවිධානයක් බවට පත් වී ඇති ඉරාකයේ සහ සිරියාවේ ක්‍රියාත්මකව ඇති “අයි.එස්.අයි.එස්”සමඟද සම්බන්ධකම් පවත්වන බව සදහන්.

මුහුණු ආවරණය කර ගත් ලිබියා ඩෝවින් ත්‍රස්තවාදීන් ට්‍රිපොලි අගනුවර ගුවන් තොටුපොළට කඩා පැන පහරදි එය අත්පත් කර ගත්තේ මීට මාසයකට පෙරය .ඔවුහු ඒ අවස්ථාවේ ගුවන් තොටුපොළේ තිබු මගී ගුවන් යානා 11 ක් පැහැර ගෙන ගොස් ඇති අතර ලිබියා රජයට අයත් ගුවන් යානා සහ ඇෆ්රිකියා නමැති ගුවන් සේවයට අයත් ගුවන් යානා ඒ අතර වනවා.

එම ගුවන් යානා යොදා ගෙන අනිද්දාට යෙදී ඇති 2001 සැප්තැම්බර් ප්‍රහාරයේ අනුස්මරණ දිනයේ දී නව ආකාරයකට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවත් ඇමෙරිකන් බුද්ධි අංශ තහවුරු කරගෙන තිබේ.අල්කයිඩාවට හිතවත් අන්වාර් අල්ෂාරියා නමැති ත්‍රස්ත සංවිධානයෙන් එල්ල කල එම ප්‍රහාරයෙන් ලිබියාවේ ඇමෙරිකන් තනාපති ඇතුළු සිව් දෙනෙකුද ජිවීතක්ෂයට පත් විය.

එම ප්‍රහාරයේ මහ මොලකරුද අල්ලා ගැනීමට මිට මාස දෙකකට පෙර ඇමෙරිකන් හමුදා කණ්ඩායම් සමත් විය “ලිබියා ඩෝවින්”ත්‍රස්තවාදීන් ඔවුන් විසින් පැහැර ගනු ලැබූ මගී ගුවන් යානා සමඟ සිටිමින් ගත් ඡායා රූප පෙළක් ප්‍රසිද්ධියට පත් කර ඇති අතර එම ඡායාරූප ඉකුත් 3 වෙනි දා බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පුවත් වෙබ් අඩවියේද පල වී තිබුණා.

ලිබියාව අස්ථාවර වුයේ “අරාබි වසන්තය” නමින් බටහිර රටවල් හැඳින්වූ රාජ්‍ය විරෝධතා රැලි රැසක් එරට පැතිරීමත් සමඟය.ඒකාධිපති පාලකයෙකු යයි බටහිර විසින් හඳුන්වා දුන් කර්නල් මුවම්මාර් ගඩාෆි සහ ඔහුගේ රජයට විරුද්ධව විපක්ෂ කැරලි කරුවෝ සටන් වැදුණ අතර ඇමෙරිකන් සහ බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රටවල් මේ කැරලි කරුවන් ට ආයුධ ලබා දුන්නා.