මෝදීගේ හිත රිදෙයි!

0

ඉන්දු පාකිස්තාන දේශසීමාවේ කාශ්මීර ප්‍රදේශයේ හටගත් ජල ගැලීම් හේතුවෙන් විපතට පත් වුවන්ට සහනාධාර දීමට තමන් සමඟ එක් වන්නැයි ඉල්ලීමක් කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී පෙරේදා (7) පාකිස්ථාන අගමැති නවාස් ෂරිෆ් ට ලිපියක් යවා තිබේ.

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේත් පකිස්ථානයට අයත් කාශ්මිරයේත් ජල ගැලීම් හේතුවෙන් සිදු වුනු විනාශය අති මහත් ය .ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ ජල ගැලීම් වලින් මිය ගිය ගණන මේ වන විට 200 තෙක් ඉහළ ගොස් ඇතැයිද ඉන්දීය පුවත්සේවා වාර්තා කරයි .

ඉන්දු පකිස්ථාන දේශසීමා අර්බුධ නිසා දේශ සිමාවේ විපතට පත් වුවන්ට සහනාධාර දීම ගැටලුවක්ව ඇත.ඉන්දියානු අගමැති වරයා පාකිස්ථාන අගමැති නවාස් ෂාරීෆ්ට ලිපියක් යවා එකමුතු වී සහන සේවා කරමු යයි ඉල්ලා සිටියේ ඒ හේතුව නිසාවෙනි. සහන සේවා කටයුතු වලටද මහ වැසි බාධාවක් වී ඇතැයි ද සදහන්.

මේ අතර අගමැති මෝදී පෙරේදා ජම්මු කාශ්මීරයේ සංචාරයක යෙදී විපතට පත් වුවන් ගැනත් සහන සේවා සිදුවන අයුරු ගැනත් අධීක්ෂණය කලා.එම සංචාරයට ජම්මු කාශ්මීර මහ ඇමති ඔමාර් අබ්දුල්ලා ඇතුළු ප්‍රාන්ත ඇමතිවරු ද එක් වුණා.

සහන සේවා වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටියක මුදලක් වෙන් කිරීමට මධ්‍යම රජය තීරණය කළේයයි ද ඇමති මෝදී එම අවස්තාවේ කියා සිටියා . ජම්මු කාෂ්මීරයේ සිදු වූ විපත හේතුවෙන් ජාතික අපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටද අගමැතිවරයා පියවර ගත්තේ ය .

වසර 50 කට පමණ පසු ඇති වූ දරුණුතම ජල ගැලීම් තත්ත්වය මෙය බව ප්‍රාන්ත බලධාරීහු පෙන්වා දෙනවා.