ඩේවිඩ් කැමරන්ගේ හිස උලක ගැසිය යුතුයි!

0

 මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව යුධ ප්‍රකාශ කළා යයි කියමින් විරෝධය ප්‍රකාශ කරමින් බ්‍රිතාන්‍ය ජාතික ජිහාද් තරුණියක , බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ගේ හිස උලක ගැසීමට අවශ්‍ය බව ප්‍රකාශ කර තිබේ.ඩේලි මේල් වෙබ් අඩවිය පසුගිය 09 වනදා වාර්තා කලේ , 18 හැවරිදි මෙම තරුණිය තම ටුවිටර් ගිණුමේ ප්‍රකාශයක් තබමින් මේ බව සදහන් කර ඇති බවයි.

මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව යුධ ප්‍රකාශ කිරීම කණගාටුවට හේතුවක් බවත් මෙම තීරණය ගැනීමෙන් පසු තමන්ට කුමක් සිදු කලද එයින් තමාට ඵලක් නොමැති අතරම දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටුවන දවසක් එන බවත් එවිට දෙවියන් වහන්සේගේ ආරක්ෂකයින් ඩේවිඩ් කැමරන්ගේ හිස උලක සිටවනු ඇති බවත් ඇය තම ටුවිටර් ගිණුමේ සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් ඇයගේ සත්‍ය තොරතුරු එම ටුවිටර් වෙබ් අඩවියේ ඇතුළත් කර නොමැති බවද සදහන්.