ඔබාමා වැඩ අල්ලයිද ?

0

අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන් මර්ධනය කිරීමටත් , එම ත්‍රස්තවාදීන්ට එරෙහිව ගෙන ඇති යුධමය ක්‍රියා මාර්ග වැඩි කිරීමට තමාට බලය ඇති බව ඇමෙරිකා එක්සත් ජනපද ජනපති බැරක් ඔබාමා පවසයි.විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලේ සිරියාවේ සහ ඉරාකයේ ත්‍රස්ත ක්‍රියා සිදු කරන සුන්නි ඉස්ලාමිය ත්‍රස්තවාදීන් මර්ධනය කිරීම සම්බන්ධයෙන් කොන්ග්‍රසය දැනුවත් කිරීමේ හමුවකදී ඇමෙරිකා ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති බවයි.

ත්‍රස්තවාදීන්ට එරෙහි ප්‍රහාර තීව්‍ර කිරීමට කොන්ග්‍රසයේ අවසරය අවශ්‍ය නැති බවද බැරක් ඔබාමා මෙහිදී ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් සිරියාවේ ක්‍රියාත්මක වන බශාද් අල් අසාද් රජයට එරෙහිව ක්‍රියාත්මක වන සටන්කාමීන්ට ආයුධ සැපයීම සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපතිවරයා කොංග්‍රසයෙන් කරුණු විමසීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

ඇමෙරිකන් ජනාධිපතිවරයා ධවල මන්දිරයේදී අයි එස් අයි එස් ත්‍රස්තවාදීන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව එරට ප්‍රධාන පක්ෂ දෙකේ නායකයන් සමඟ සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.