මාධ්‍ය ප්‍රකාශකට හැදි කීයක් තිබේද ?

0

පසුගිය දිනවලදී කුරුණෑගල, වැල්ලවදී පැහැරගත් බව කියන සිව් හැවිරිදි දැරිය ගැන නිවැරදි තොරතුරක් ලබාදෙන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 10ක ත්‍යාගයක් ලබාදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ ප්‍රකාශ කර ඇති බව බොහෝ මාධ්‍යන් වාර්තා කර තිබේ. එම තොරතුරු 0777 223 095 අංකයට දැනුම්දිය හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කර ඇති බවද මාධ්‍ය වාර්තා කරයි.

මාධ්‍යට මේ පිළිබද තොරතුරු වසන් කරන මාධ්‍ය ප්‍රකශකවරයාගේ මේ ප්‍රකාශය අපටද විහිළුවකි.මාධ්‍යයේ වගකීම යනු නිවරැදී තොරතුරු ජනතාවට ලබා දීමයි.එහිදී අප විසින් යම් සිද්ධියක් පිළිබද වගකිව යුතු නිළධාරින්ගෙන් කරුණු විමසීමේදී ඒ තොරතුරු මාධ්‍යට ලබා දීම ඔවුන්ගේ වගකීමක් වනු ඇත.

ඒත් අප දරුවා පැහැර ගැනීමට ලක්වූ දිනයේදී මේ සම්බන්ධයෙන් විමසීමට මාධ්‍ය ප්‍රකාශකගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබා ගත්තද ඔහු අපගේ වාර්තාකරිනියට පවසා ඇත්තේ ,”ආ….ඇත්තද ඇලර්ට් එකෙන්ද කතා කරන්නේ ?එක එක මෝඩයෝ ඕවා ගැහුවාට ඔයාලා ඕවා ගහන්න එපා .දරුවාගේ ජිවීතය අනතුරේ වැටෙනවා යන්නයි.

රටේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ මේ ප්‍රකාශයේ යටි අරමුණ කුමක්ද ?මෙයින් පෙනී යන්නේ මාධ්‍ය ප්‍රකාශකවරයා තමන්ට හිතෙන හිතෙන ආකාරයට මාධ්‍යට එක් එක් හැදි වලින් තොරතුරු බෙදන ආකාරයි.තිරය ඉදිරිපිටට ගොස් මාධ්‍ය ඉදිරියේ මහත් ආඩම්බරයෙන් කතා කරන මාධ්‍ය ප්‍රකාශකවරයා නිරන්තරයෙන් පෙනිසිටින්නේ තමන්ගේ වගකීම මනා ලෙස ඉටු කල ලෙසටයි.නමුත් තමන්ට හිතෙන හිතෙන ආකාරයට මාධ්‍යට තොරතුරු ලබා දෙන මේ මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධයෙන් අප විශ්වාසයක් තබා ගත යුත්තේ කුමන පදනමකින්ද යන්න අද අපටද ගැටළුවකි.