Home / කලා / මම ජිවීතය වෙනස් කරන්න දෙපාරක් හිතුවේ නෑ
hansaAi_lankanewsalert_11_09_2014

මම ජිවීතය වෙනස් කරන්න දෙපාරක් හිතුවේ නෑ


ජිවිතය ලස්සන වෙන්නේ අපිට එන අභියෝගත් සමගින්.හැබැයි ඒ අභියෝගවලට භයේ ජිවීතයෙන් පැනලා යන මිනිස්සු අපි අතර කොයි තරම් නම් ඉන්නවාද ?ජිවීතයේ වින්දනීයත්වය ,විදවීම තීරණය කල යුත්තේ අප විසින්මයි.මට මහා ලොකුවට සල්ලි නෑ.හැබැයි කවදාවත් නැති වෙන්නේ නැති අවංක සතුටක් මම ලග තියනවා.ඔහු අපිට කිව්වේ මහත් අභිමානයෙන්.

ජිවීතයේ සුන්දර මතකයන් වගේම අසුන්දර මතකයනුත් අපේ ජිවීතයේ පවතිනවා.හැබැයි සුන්දර මතකයන් හොයා ගෙන යන්න අපේ සිත දෙපාරක් හිතන්නේ නෑ.ඉතින් ඒ සුන්දර මතකයට යළිත් ජීවයක් ලබා දෙමින් අපි හිතුවා නවක යොවුන් පරපුරේ ගායකයෙක් සමග පුංචි පිළිසදරක යෙදෙන්න.ඔහු නමින් හංස ශ්‍රි අත්තනායක,

ඉතිං හංස කොහොමද ? -මම ගොඩාක් හොදින් ඉන්නවා.

පාසැල් කාලය ගැන මතක් කළොත් ?-මම මුලින්ම පාසැල් ගියේ ගල්ගමුවේ යු.බි වන්නිනායක නවෝද්‍යා විද්‍යාලයට.ඊට පස්සේ මම බලැල්ල යු.බි විද්‍යාලයෙනුත් අධ්‍යාපනය හැදෑරුවා.

පවුලේ විස්තර ටිකක් කතා කලොත් ? -ඔව් මගේ ගෙදර ඉන්නේ මගේ අම්මා ,අප්පච්චි වගේම ,මගේ නංගිත් ඉන්නවා.

ආදරය ගැන මොකද හිතන්නේ ? -ආදරය කියලා කියන්නේ තේරුම් ගැනීමක්.තේරුම් ගැනීමක් ,විශ්වාසයක් නැත්තම් ආදරයක් තියනවා කියලා මම විශ්වාස කරන්නේ නෑ.

ඒ කියන්නේ හංස දැන් කාටහරි ආදරය කරනවාද ? -හ්ම් …..ඒක පස්සේ කියන්නම්.

මේ අපි හංසගෙන් අහපු බොහෝම සරල විස්තරයක් පමණී.හංස අප සමග තවත් බොහෝ දේවල් පැවසුවා.”මගේ ජිවීතයේ මම හැමදාමත් හිතුවේ මගේ කියලා දෙයක් කරන්න ඕනේ කියලා.ඒ නිසා මට හිතුණා ගීතයක් කරන්න.ඒක විශාල අභියෝගයක් බව මම දැන ගෙන හිටියා.හැබැයි ඒ දේ කරන්න මට භය හිතුනේ නෑ.

මම පුංචි පුංචි වේදිකාවල් උඩ නැගලා ගීත ගායනා කලා.ඒ ගායනා කරන හැම මොහොතකදීම මට සිහිනයක් තිබුණා.ඒ කවදා හරී දවසක මගේම ගීතයක් නිර්මාණය කිරීම,.අද ඒ හැම දෙයක්ම ජයග්‍රහණය කරලා.හංස අපිට කිව්වේ අහිංසක සතුටක් හිතේ තියාගෙන.

එක දවසක් මම මුලින් සේවය කල ලක් රේඩියෝ අන්තර්ජාල ගුවන් විදුලි නාලිකාවෙන් සංවිධානය කල සංගීත ප්‍රසංගයකට සහභාගි වුණා.එදා මම ඒ වේදිකාවේ නැගලා කියපු ගීතය මගේ ජිවීතයම අද වෙනස් කලා.මදුශංක කියලා කෙනෙක් මගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබා දීලා ගීතයක් කරමුද මල්ලී කියලා අහපු ඒ වචන ටික මම සිහිපත් කරන්නේ ඉතාමත් උවමනාවෙන්.

මම ජිවීතය වෙනස් කරන්න දෙපාරක් හිතුවේ නෑ.මම ලිව්වා ගීත දෙකක්ම.ඉන් එකක් “ආඩම්බර සමනලී “ඒක නිර්මාණය කලේ විශාරද සුසන්ත දිගනේ, සංගීතය නයන කුරේ .ඒ වගේම අනෙක් ගීතය මා විසින්ම නිර්මාණය කල “ඔයත් යනවද රත්තරං” කියන ගීතය.මේ ගීත දෙක කරන්න අව්ව වැස්ස බඩගින්න නින්ද මම කොයි විටකවත් බාධාවක් කර ගත්තේ නෑ.

ජිවීතය කියන්නේ මහා පුදුම දෙයක්.නැව ගිලෙන කොට ගිලෙන බව දැන දැනම සමහරු අපිව දලා යනවා.ඒත් සමහරු ඒ නැව ගිලෙන බව දැන දැනත් අපි එක්කම ඉන්නවා.හරියට මගේ අම්මායි ,අප්පච්චි වගේ.ඒ නිසා මේ වේලාවේ මම සිහිපත් කල යුතු බොහෝ දෙනෙක් ඉන්නවා.ගොඩාක් අයගේ නම් කියන්න බෑ.ඒත් විශේෂයෙන් මගේ ජිවීතය සම්පූර්ණයෙන්ම වෙනස් කල ,මගේ සහෝදරයා ,තාත්තා වගේ මගේ ළගින්ම ඉදපු චතුරංග ද අල්විස් ,ගයන්ත කරුණාතිලක ,මදුශංක ,නයන කුරේ , නවංජනා නංගිවත්,ඉන්දික ගමගේ ගොඩාක් ආදරයෙන් සිහිපත් කරනවා.

යොවුන් පරපුරේ නවක ගායකයන් හතු පිපෙනවාසේ පිපෙනවා.හැබැයි ඒ ගීතයන් අතුරින් තමන්ගේ ගීතයන් සාර්ථක කරගන්නේ කී දෙනෙකුද ?එයින් තම ගීතය සාර්ථක කර ගත් අය අතරට හංස ඇතුළත් වනවා නොඅනුමානය.

හංසගේ නවතම ගීත 2 සමග උදැසන 10.00 සිට විකාශය වන Voice Of Lanka සජිව වැඩසටහනින් www.lakradio.lk ගුවන් විදුලි නාලිකාව හරහා ප්‍රචාරය කරන අතර ඔහුගේ නව ජිවීතයට www.lankanewsalert.com අපගේ වෙබ් අඩවියේද උණුසුම් සුභ පැතුම් එක කර සිටි. 

සංවාද සටහන- නවංජනා මධුරාණී  

“ඔයත් යනවද රත්තරං”  ගීතය පටිගත කරන අවස්ථාවේ …..ජංගම දුරකථනයෙන් ගත් දර්ෂණය  

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

CHATHURANGA_lankanewsalert_25_10_2014-Recovered

අපි පොරොන්දු ඉටුකල කණ්ඩායමක්

මේ රේඩියෝව පිළිබද කතා කලොත් ආසියාතික රටක් පළමු වරට දිනා ගත් Radio Standard of Excellence යන ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වී තිබේ.අඛණ්ඩව විසිහතර පැයේම සජීවි අන්තර්ජාල ගුවන් විදුලි නාලිකාවක අත්දැකීම මුළු ලෝකයටම ලබා දෙමින් සිදු කළ විශිෂ්ඨ සේවය ඇඟයීම වෙනුවෙන් අමෙරිකානු Web Marketing Association's WebAward 2013 ආයතනය විසින් තමයි මෙම සම්මානය ලබා දිලා තියෙන්නේ.