ආණ්ඩුවට මේ පාර හුළංද ?

0

නොපෙනෙන මහ ඇමතිවරයෙක් සමග දුප්පත් වනවාද ?එසේත් නැති නම් වෙනත් මහ ඇමතිවරයෙකු සමග පොහොසත් වනවාද යන්න ඌව ජනතාව තීරණය කල යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.විපක්ෂනායකවරයා මේ බව සදහන් කලේ ඌව පැවති ජන හමුවකදීය.

එකම වේදිකාවකට නගින ලෙසට ආණ්ඩුව තමන්ට අභියෝගයක් භාර දුන් බවත් තමා එම අභියෝගය සාර්ථක ලෙස ජයග්‍රහණය කල බවත් විපක්ෂනායකවරයා පෙන්වා දෙනවා.තිස්ස අත්තනායක ,කරු ජයසූරිය ,සජිත් ප්‍රේමදාස එකම වේදිකාවකට නැග පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් හඩ නැගු බව විපක්ෂනායකවරයා වැඩිදුරටත් කියා සිටියා.

එක්සත් ජාතික පක්ෂයට නව මුහුණුවරක් ලබා දීම සදහා තරුණයින්ගේ නම් අළුත් මුහුණුවරකින් තමා ඉදිරිපත් කරන බවත් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කිරීම කිසිවෙකුට නතර කල නොහැකි බවද ඔහු අවධාරණය කලා.