AL JAZEERA ත් ඇන ගනී !

0

ඊශ්‍රාලයේ ගුවන් ප්‍රහාරවලින් තුවාල ලැබූ ගාසා තිරයේ පලස්තීනුවන් නිරූපණය කරමින් බොලිවුඩ් චිත්‍රපටයක දසුන් දක්වමින් ප්‍රසිද්ධ කිරීමට අල් ජසීරා පුවත් සේවය කටයුතු කර තිබේ.මෙය බහුතරයගේ අප්‍රසාදයටද ලක්ව තිබේ.

බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය “ශෝලේ” චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණ දෙන අමිතා බච්චන් තුවාල ලබා මිය යන ආකාරය නිරූපණය කර ඇත්තේ ඊශ්‍රාලයේ ගුවන් ප්‍රහාරයෙන් මියයමින් සිටින පලස්තින ජාතිකයෙකු ලෙසින්.

මෙම සිදුවීම හරහා අල් ජසීරා පුවත් සේවය දැඩි අපකීර්තියට පත්ව ඇති අතර ඊශ්‍රාල රජය මෙන්ම ඉන්දීය රජයද මෙයට දැඩි ලෙස සිය අප්‍රසාදය පල කරනවා.