“නුඹටත් මටත් මීට වඩා හොඳ තැනක්‌ ලැබිය යුතුයි”

0

තිස් වසරක ත‍්‍රස්තවාදය පරාජය කරමින් වසරක කිහිපයක් ගෙවී යන්නය පෙර උතුරේ ජනතාවට යළි ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදා කරමින් ශ‍්‍රි ලංකාව අත්පත් කර ගත් විශිෂ්ඨ ජයග‍්‍රහණය කුහක නොවන කිසිවෙකුටත් අසාර්ථක කළ නොහැක. නමුත් කුඩා දරුනක් ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරම් සඳහා යොදා ගත් ත‍්‍රස්තවාදයට තවමත් උඩ ගෙඩි දෙන ඇතැම් රටවලට ඊයේ හොඳ පාඩමක් උගවන්න්ට ශ‍්‍රී ලංකාව සමත්විය. හම්බන්තොට මාගම්පුර රුහුණ සම්මන්ත‍්‍රණ මධ්‍යස්ථානය නිර්මාණය කිරිමෙන් පසු පැවැත් වු පලමු සමුළුව මෙතරම් ලෝකයාගේ අවධානය යොමු වේයැයි කිසිවෙකු සිතන්නට නෑ. පොදු රාජ්‍ය මණ්ඩල තරුණ සමුළුව ලොව නං දෙසින් පැමිණි තරුණයන් හමුවේ අභිමානයෙන් ආරම්භ වු අතර ශ‍්‍රි ලංකාව වෙත විවිධ කෝණ වලින් දකිමින් විවිධ අර්ථකතනයක් දුන් ඒවායෙන් අන්ධ වී සිටි තරුණ ප‍්‍රජාව යළි සම්මන්ත‍්‍රණ ශාලාවෙන් පිටතට ගියේ තමන්ට තවත් බොහෝ දේ ලංකාවෙන් ඉගැනීමට පසක් කරමිනි.

මෙවන් දැවැන්ත සමුළුවක සමාරම්භක අවස්ථාවට එම වේදිකාවට කිසිවෙකුත් බලාපොරොත්තු නොවුනු කණ්ඩායමක් පැමිණිම මේ සියල්ල මෙසේ සිදු වන්නට හේතු වන්නට ඇත. සම්මන්ත‍්‍රණ ශාලාවේ රැඳී සිටි මට ද මේ එක් විටම තේරුම් ගැනීමට නොහැකි විය. තරුණ සමුළුවට පැමිණි තරුණ නායකයින් ද මොහොතක් වික්ෂිප්තව බලා සිටිනු අප ද දුටුවේය. “නුඹටත් මටත් මීට වඩා හොඳ තැනක්‌ ලැබිය යුතුයි” සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ ඒ ගීය වේදිකාවේ සිට හඩ ගා කිවේ විවිධ හැකියාවන් සහිත තරුණ තරුණියන් පිරිසකි. ඔවුන් අතර තම වේදිකාවේ සිට කියන්නේ මොනවාද යන්න ඇසෙන්නේ නැති පිරිසක් ද, ඔවුන් දෙස කදුලූ හලමින් බලා සිටි නම් පෙනෙනේ නැති පිරිසක් ද තමන් තුළ උපදින හැඟිම් අත්පාවලින් කියා ගත නොහැකි වු පිරිසක් ද සිටිය නමුත් ඔවුන් එක දෙයක් තදින්ම විෂ්වාස කළා. ඒ “නුඹටත් මටත් මීට වඩා හොඳ තැනක්‌ ලැබිය යුතුයි”

23 වන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමඟාමීව පැවැත්වෙන 09 වන පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සමුළුව ඊයේ (10) හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ මධ්‍යස්ථානයේදී ආරම්භ වුණා. මෙවර සමුළුවේ තේමාව වුයේ සහභාගිත්ව සංවර්ධනය – වඩා ශක්තිමත්ව එකමුතුව යන්නයි. මෙම සමුළුව සඳමා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ වු අතර ඒ සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයිය මහලේකම් කමලේෂ් ෂර්මා මහතා ද සහභාගී වීය. එම මහත්වරුන්ගේ ආර්යාවන් ද මෙම අවස්ථාවට සහභාගී වු අතර ශ‍්‍රි ලංකාවේ ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරුන් විශාල පිරිසක් මේ සඳහා සහභාගී වී සිටියා.

මෙම සමුළුව සඳහා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශ, ජාතික තරුණ සේවා සභාව හා පොදු රාජ්‍ය මණ්ඩලියය ලේකම් කාර්යාලයේ තරුණ කටයුතු අංශය, පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ හුවමාරු කවුන්සිලය එක්ව සංවිධානය කර තිබේ.

මෙම සමුළුව සඳහා රටවල් 44 ක් නියෝජනය කරමින් තරුණ තරුණියක් 102 දෙනෙකුද, නිරික්‍ෂකයින් 20 ක්ද, කාර්යසාධක බලකාය සඳහා 05 දෙනෙකු ද සහභාගී වි තිබේ. මේ අතර ශ‍්‍රි ලංකාව නියෝජනය කරමින් 25 දෙනෙකු ද නිරික්‍ෂකයින් 20 දෙනෙකු ද කාර්ය සාධක බලකායේ 05 දෙනෙකු ද සහභාගී වී තිබේ.

මෙම සමුළුවට පෙර දිනයේදී එම තරුණ නියෝජිතයින් පිළිගැනීම සඳහා විශේෂ සංස්කෘතික පෙරහැරක් පැවැත්වුවා. එහිදී ශ‍්‍රී ලංකික තරුණ පිරිසගේ නියෝජනයෙන් රටේ සංස්කෘතික අංග ඇතුළත් විවිධ අංග ඉදිරිපත් කළා. එම අවස්ථාවේදී විදේශ තරුණ තරුණියක් අපගේ නර්තනයක් දැක ඉතා ගෞරවාන්විතව තම සතුට පල කළා. එම තරුණ තරුණියක් මෙහිදී තමන්ගේ අදහස්වලින් පවසා සිටියේ මෙවර ශ‍්‍රී ලංකාවේ පවත්වනු ලැබු සමුළුව සිය කැමැත්ත පල කර බවයි. එම අවස්ථාවට එක් වු සියළු දෙනා තමන්ගේ අදහස් වලින් පවසා සිටියේ මෙවැනි සමුළු තුළ ලෝකයේ තරුණ තරුණියන්ට පැන නැඟී තිබෙන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කළ හැකි බවයි.

මෙම සමුළුවේදී ප‍්‍රධාන වශයෙන් කරුණු 08 ක් සම්බන්ධයෙන් සාකච්ඡා කරයි. ඒ 2015 පසුව ජාත්‍යන්තර සංවර්ධන සැලැස්ම සඳහා තරුණයන්ගේ කාර්යභාරය, ප‍්‍රතිසංවිධානය සහ සමාජ ඒකාබද්ධතාවය, සුබසාධනය සහ සංවර්ධන ක‍්‍රියාවලිය, අරමුණු සපුරාලන ගුණාත්මක අධ්‍යාපනයක්, තරුණයන් උදෙසා ශිෂ්ඨ සම්පන්න ඵලදායි රැකියා අවස්ථා උත්පාදනය, ස්ත‍්‍රි පුරුෂ සමානාත්මතාවය, ලිංගික හා ප‍්‍රජනන සෞඛ්‍ය අයිතිවාසිකම් හා තරුණ කටයුතුවල වෘත්තීයභාවය ඇති කිරිම යන්නයි.මෙම සමුළුව 10 වනදා සිටි 14 වනදා දක්වා පැවැත්විමට නියමිතයි.

17

18

04