ISISට එරෙහිව ඔබාමා සටන ත්‍රීව කරයි

0

අයි.එස්.අයි.එස් හෙවත් ඉස්ලාමික් ස්ටේට් නමැති ලේ පිපාසිත කුරුරු ත්‍රස්තවාදය අඩපණ කිරීමට මුළු ලෝකයම එකතුවිය යුතු බව ඇමරිකා ජනාධිපති බැරැක් ඔබාමා පවසයි.ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතින්ගේ මහ සමුළුව අමතමින්.

ඔහු එහිදී වැඩිදුරටත් සදහන් කලේ අයි.එස්.අයි.එස් සටන් කාමින් සමග සාකච්ඡා කිරීමෙන් ඵලක් නොමැති බවයි.

මේ අතර පසුගියදා අයි.එස්.අයි.එස් සටන්කාමින් විසින් ප්‍රංශ ජාතිකයෙකුගේද ගෙල කපා ඝාතනය කල අයුරු අන්තර්ජාලයට මුදා හැර තිබුණා.එහිදී ඝාතනයට ලක් වූයේ අවුරුදු 55ක් වයසැති හාවි ගුර්දෙල්ය.මීට අමතරව මීට දින ගණනකට ඉහතදී ජුන්ද් අල් කලිෆා විසින් ප්‍රංශ ජාතිකයන් පිරිසක්ද අල්ලා ගනු ලැබුවා.ජුන්ද් අල් කලිෆා යනු ඉස්ලාමික් ස්ටේට් සහය පල කරන අයයි.