අමෙරිකාවේ අනාගත ජනපති කාන්තාවක්?

0

ඇමරිකාවේ ජනාධිපතිධූරය සඳහා කාන්තාවක් පත්විම වැඩි ඈතක නොවන බව ජනාධිපති බැරැක් ඔබාමා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ, ඇමරිකාවේ එන්.බි.සි.නාළිකාවේ නිවේදිකා බාබරා වෝල්ටර්ස් සමගය. තමන් මේ වන විට කටයුතු කරන තත්වයට වඩා සාර්ථක අන්දමින් එරට ජනාධිපතිධුරය සදහා කාන්තාවක් පත්වුවහොත් සිදු කිරිමට හැකියාව පවතින බවද ජනාධිපතිවරයා මෙහිදි ප්‍රකාශ කර තිබේ. මෙම අවස්ථාවේදි එම නිවේදිකාව විසින් එම තැනැත්තිය කවුරුන්දැයි ජනාධිපති බැරැක් ඔබාමාගෙන් විමසු අවස්ථාවේදි එයට නිසි පිළිතුරක් ලබා දිමට බැරැක් ඔබාමා එකගවි නොමැත.

හිටපු ජනපති බිල් ක්ලින්ටන්ගේ බිරිද වන හිලරි ක්ලින්ටන් දැයි විමසුවිටදිද  එයටද ජනාධිපතිවරයා විසින් පිළිතුරක් ලබාදි නොමැත. හිලරි ක්ලින්ටන් ඔබාමාගේ රජයේ රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කර තිබේ. නමුත් ඇය ඔබාමාගේ දෙවෙනි ධුර කාලය ආරම්භ විමේදි අසනිප තත්වයට පත්විය.

2008 වර්ෂයේදි ඔබාමා එරට ජනාධිපති ලෙස පත් විම සුවිශේෂි කරුණකි. ඒ ඇමරිකානු ජනාධිපතිධුරයට කළු ජාතිකයෙකු පත්විමය. කෙසේ වෙතත් ඔබාමා දැන් සදහන් කරනුයේ කළු ජාතිකයෙකු එරට ජනාධිපතිවරයා ලෙස පත්වුයේනම් කාන්තාවක් එරට ජනාධිපතිධුරය හෙබවිම සුදුසු වන බවයි.