ජයලලිතා යයි පන්නීර් එයි

0

තමිල්ඩාඩු ප්‍රාන්තය සඳහා 2011 වසරේ සිට තමිල්නාඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඕ. පන්නීර් සෙල්වම් පත් කර තිබේ.ඒ ඉන්දියාවේ හිටපු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ට සිර දඩුවම් ලැබීම හේතුවෙන්.

ද්‍රවිඩ මුන්නේත‍්‍ර කලහම් පක්ෂයේ සාමාජිකයින් ඊයේ (29) සිදුකළ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙසේ නව මහඇමතිවරයා ලෙස ඕ. පන්නීර් පත් කර තිබේ.

මෙලෙස තමිල්නාඩුවට නව මහඇමතිවරයෙකු පත්කරනු ලැබුවේ හිටපු මහඇමතිනි ජයලලිතා ජයරාම් මෙනෙවියට බැංගලෝර් අධිකරණය විසින් සිව් වසරක සිරදඬුවමක් නියම කරනු ලැබීම හේතුවෙනි.

1991 වසරේ තමිල්නාඩු මහඇමති ධූරයට පත්වීමෙන් පසු වසර 05ක් ඇතුළත ඉන්දීය රුපියල් කෝටි 03 සිට 66 දක්වා වත්කම් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් ජයලලිතා ජයරාම්ට චෝදනා එල්ලවූ අතර ඇය බැංගලෝර් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිව් වසරක සිරදඬුවමක් නියම කරනු ලැබුවා.